ලෝකයේ විවිද සොයාගැනීම් අතීතයේ සිටම සිදුවුනි. සමහර ඒවා තවදුරටත් වැඩි දියුණු වෙමින් වර්තමානය තෙක්ම හෝ අනාගය වෙතත් විකාශනය වෙමින් යන සොයාගැනීම් වූ අතර සමහරක් ප්‍රායෝගික නොවන මෙන්ම ජනප්‍රිය නොවීම හේතුවෙන් අභාවයට ගිය සොයාගැනීම් පමනක්වූයේය. එසේ ජනතාව අතර ජනප්‍රියනොවුන ප්‍රායෝගිකත්වයෙන් ඈත්වූ උපකරණ කිහිපයක් මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙමි.
Poochmobile: 1939 - සුනඛ එන්ජින් යෙදූ වාහනමෙම වාහනයේ පරිසර දූෂන කිසිවකට හේතු නොවේ (මෙහි එන්ජිම ශරීර කෘත්‍ය ලෙස බැහැර කරන අපද්‍රව්‍ය හැර) දුම් නැත, හැම විටකම එන්ජිමේ ශබ්ද නැත. 1939 දී අසූවියැති මෙම Z. Wiggs සීයා තැනූ මෙම වාහනයට බලය සපයන්නේ කකුල් හතරේ එන්ජිමක් වන සුනඛ මිතුරෙකි. මෙම සීයා මෙම වාහනය හදන කාලයේ සුනඛයන් පුහුණුකරන්නෙකු ලෙස ක්‍රියාකල අතර ඔහු කලින් දුම්රිය මාර්ගවල වැඩ කල අයෙකි. මෙහි රූපයේ දැක්වෙන ආකාරයට සුනඛයා විශාල රෝදයේ ගමන් කිරීමට උත්සහ දරන විට ඔහුගේ බෙල්ලේ බැද තිබෙන කොලරය විශාල රෝදයේ මධ්‍යයේ ඇති දණ්ඩ ඔස්සේ බලය ඊට පිටුපසින් ඇති රෝදවලට ලැබීමෙන් වාහනය ඉදිරියට යන අතර මෙම වාහනයට ගියර්පද්දතියක්ද සවිකර තිබේ.
Sewing Machine Bicycle: 1939 - මහන මැෂින් බයිසිකලයඔබගේ නිවසේ ටේලර් සාප්පුවක් තිබේ නම් දැන් ඔබගේ මුළු පවුලටම එක්වී එම ව්‍යාපාරය ලේසියෙන් කර ගැනීමට මෙම මහන මැෂින් බයිසිකලය භාවිතා කල හැක. මෙය නිසා විදුලිය පිරිමැසේ. ඒ මැෂිම ක්‍රියාකරවීමට මෝටරයක් අනවශ්‍ය බැවිනි. මෙම රූපය එයට හොදම උදාහරණයකි. පියා සහ පුතා මහන මැෂිමට සම්බන්ධකර ඇති බයිසිකලය පැදීමෙන් මැෂිමට අවශ්‍ය බලය ලබා දෙන අතර මවට රෙදි මැසිය හැකිය.
Water Skiing Just Got Easier: 1937 - ලේසියෙන් වගේම වේගයෙන් දියමත ලිස්සා යාමට මෙන්නදියමත ලිස්සීම බොහෝ දෙනෙකුගේ ප්‍රියතම විනෝදාංශයකි. එහෙත් එය සෑම කෙනෙකුටම ලේසියෙන් කල හැකි දෙයක් නොවේ. අධෛර්යමත් නොවන්න දැන් එය ඔබට ලේසියෙන් වගේම වේගයෙන් කරන්න 1937 දී තැනූ මෙම ඕවලාකාර පියාපත් දෙපසින් තබා ගැනීමෙන් සුලඟ තවත් ආධාරකරගෙන ලිස්සා යා හැක.
Airship Hospital: 1930 - අහස් නැව් රෝහලදැන්නම් ගුවන් යානා වල වුවත් රෝහල පහසුකම් ඇතොත් පුදුමයට කාරණයක් නොවේ. ඒ නූතන තාක්‍ෂනික දියුණුව අනුව එවැන්නකට අවශ්‍ය පහසුකම් එමට තිබීමයි. ඒත් 1930 තරම් ඈත කාලයේ ජෙට් තාක්‍ෂනය ගැන සිතාවත් නැති කොට දැන් නම් අභාවයට ගිය, එහෙත් සංචාරක ආකර්ශනය දිනා ගැනීමට භාවතා කල, එදා නම් ගුවන් යානා වෙනුවට එදා අහස් නැවක් රෝහලක් බවට පත් කිරීමට එදා සිටි කිහිපදෙනෙකුට උවමනා වී තිබුනේළු. කෙසේවෙතත් මෙම රෝහල ක්‍රියාත්මක වූවාදැයි නිසි තොරතුරක් නොමැති අතර මෙම රෝහල තිබුනේ නම් රෝගීන්ට නොමිලේම උදෑසන විටමින් D නම් යහමින් ලැබෙනු ඇත.
Automated Grocery Store: 1933 - ස්වයංක්‍රීය සුපිරි වෙලද සැලඔබ සුපිරි වෙලද සැලකට ගියහොත් එහි සෑම තැනකම ඇති රාක්ක වෙත ඇවිදිමන් ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරා ගැනීම සිදුකරයි. එහෙත් මෙම වෙලද සැල ගැන දැනගත්විට අපි බොහොම පහසුවෙන් ඒ දෙය කර ගැනීමට තිබුනාදැයි ඔබට සිතෙනු ඇත. මෙම වෙලද සැල ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි 1933 දී ආරම්භ කර ඇති අතර මෙහිදී ඔබට තිබෙන්නේ මෙම රූපයේ ආසන වල වාඩිවී සිටීම පමණි. ඔබ ඉදිරියෙන් පෙනෙන භාණ්ඩ චක්‍රයක් ලෙස ඔබ ඉදිරියෙන් ගමන් කරන විට ඒවා අවශ්‍යනම් තෝරා ගත් හැක. සෑම මිනිත්තු 8 කට වරක් මෙම එක් චක්‍රයක් සම්පූර්ණවේ. ඉතින් මෙවැන්නක් දැනුත් තිබුනේ නම් වෙලද සැල පුරා ඔබට ඇවිදීමට අවශ්‍යනොවන්නේ නේද?
Ingenious Farm Gadgets: 1925 - උපායශීලී ගොවිපල් ආම්පන්න මේවා නම් එතරම්ම දුර්ලභ නොවන උපකරණ වන්නටත් ඇති ගොවිපලවල මෙන්ම නිවසේද යම් යම් කාර්යයන් කරගැනීමට අපගේ සුපුරුදු පාපැදිය හෝ සුලංබලය යොදා ගැනීම එතරම්ම අමුතුදෙයක් නොවනු ඇත. හැබැයි මෙය කර තිබෙන්නේ 1925 තරම් ඈත කාලයේ වීම තමයි කැපී පෙනෙන්නේ.
Beast-Drawn Carriages: 1924 - කිඹුල් කරත්තමෙහි දැක්වෙන අනෙකුත් සතුන් කෙසේ වෙතත් කිඹුලන් හා පැස්බරුන් යෙදූ කරත්ත නම් ටිකක් අමුතු අත්දැකීමකි. ඛණිජ තෙල් වෙනුවට 1924 තරම් ඈත කාලයේ එතරම් හුරු නැති මෙවැනි සතුන් යෙදූ කරත්ත පාරේ ගියානම් කෙබදු ලෙස තිබෙනු ඇත්ද?
Combination Piano-Vacuum Cleaner: 1917 - වැකුම් ක්ලීනර් පියානෝවමෙන්න පහුගිය ශතවර්ශයේ මුල් කාලයේ පීයානෝව සංගීතය සපයනවාට අමතරව දුහුවිලි ඇද ගන්න වැකුම් ක්ලීනරයක් බවටද පත්කර ඇතිහැටි. මෙම රූපයේ ආකාරයට පියානෝවේ pedals පාගන විට මෙහි දැක්වෙන නල මගින් අසල බිමේ දුහුවිලිද ඇද ගනී.