-->

Recent

Thursday, April 21, 2011

ඇමරිකානු රතු ඉන්දියානුවන් හා ආක්‍රමණික සුදු ජාතිකයන්ගේ ගට්ඨනය පෙන්නුම් කෙරෙන The Last of Mohicans සහ එදා ඇමරිකාවේ ජන ජීවිතය - Red Indians with Old America

අද ටිකක් වෙනස් විදියේ බ්ලොග් සටහනක් තමයි තබන්නේ. ඒ සිනමාව සහ කතාකරන රූප යන තේමා දෙකම ඒකාබද්ද කරල මුල් කොටසත් දෙවන කොටස කතාකරන රූප තේමාව යටතේත් තමයි පල කරන්න සිතා සිටින්නේ.

මුල්කොට‍ස ප්‍රධාන වශයෙන් කතා කරන්නේ The Last of Mohicans කියන චිත්‍රපටිය ගැනග මෙම සිනමා නිර්මාණය මුලින්ම තිරගත වෙලා තියෙන්නේ 1992 දී. මෙය අපේ රටෙත් සිනමා ශාලාවල අනූව දශකයේ මැදට වෙන්න තිරගතවුනා. මමත් මුලින්ම මෙය දැක ගත්තේ එසේ සිනමා ශාලාවකට තිරගත වන අවස්ථාවෙදිමයි. මේ චිත්‍රපටියෙන් ස්වදේශික රතු ඉන්දියානුවන් හා ආක්‍රමණික බ්‍රිතාන්‍ය හා ප්‍රංශ සුදු ජාතිකයන් අතර සිදුවන ගැටීම් හා  ඒ ඒ සංස්කෘතීන්වල ආවේනික තත්වයන් වගේම මෙම කරුණු කාරණා නිසා සිදුවන සංවේදී දේවල් ගැන බොහොම සියුම් ලෙස කතා කරල තියෙන බවක් කියන්න පුළුවන්.

චිත්‍රපටියේ රඟපෑම ගත්තත් ඉතා විශිෂ්ඨ බවක් තියෙනව වගේම, පසුතලයන්, ඇඳුම් ආයිත්තම්, එකිනෙකට ප්‍රතිවිරුද්ධ ජාතින්ගේ සංස්කෘතිකමය විදහාපෑම ආදිය ගැනත් කියන්න තියෙන්නේ ඒවාත් අති විශිෂ්ඨයි කියලම තමයි. ඒ එක්කම මේ සියළු දේවල් අභිබවා සිටින සංගීතය ගැන නම් කියන්න වචන නැහැ. මේකේ ප්‍රධානම තේමා සංගීත කණ්ඩය සැමදා මතකයේ සිටින එකක්. ඒවගේම ශබ්ද පරිපාලනයේ තිබෙන වෘත්තීය නිපුනත්වය 1993 ඔස්කාර් සම්මාන උලෙලේ හොදම ශබ්ද පරිපාලනයට හිමි සම්මානයෙන් පවා පිදුම් ලැබීමට හේතුවුනා.

දශක එකහමාරක් පමණ පැරණි චිත්‍රපටියක් වුවත් ඔබ මෙය නරඹා නැත්නම් නරඹන්න. අවසානය සංවේදී ලෙස නිමවා ඇති සිනමා කාව්‍යය ඔබගේ ජීවිතය තුල බලා ඇති හොදම චිත්‍රපටි සමුහය අතරට ගන්නට කිසිදු වරදක් නොමැති බව මගේ හැගීමයි.

චිත්‍රපටිය ගැන සංසිද්ධින් එසේ වෙද්දී මෙම නිර්මාණයට පාදක කරගත් කාලවකවානුව හා එයට කිසියම් සබතාවයක් ඇති කාලපරාසය තුල මෙම ලිපියේ කතා කරන ජාතින් දෙකොටසේම විචිත්‍රවත් බව කියාපාන සිතුවම් සමූහයක් දැන් ඉදිරිපත් කරනවා. මෙම පින්තූර සංඛ්‍යාත්මකව 50 ද ඉක්මවා තිබෙන නිසා කොටස් දෙකකට ඉදිරිපත් කරන්නම්...































මෙම ඡායාරූප ගොන්නේ ඉතිරිය දෙවන කොටසින් අපි දැකගමු...

5 comments:

  1. රතු ඉන්දියානුවන් ගැන කතා කරද්දි ඔවුන් කෙතරම් පරිසරය හා අනුගත වූවන්දැයි කතා නොකරම බැහැ. උදාහරණයක් හැටියට මනුෂ්‍යයන් අතර ඉව වඩාත් හොඳින්ම ඇත්තේ රතු ඉන්දියානුවන්ටයි. ඔවුන් දඩයම් කිරීමේදී මේ ඉව වඩාත්ම හොඳින් ප්‍රයෝජනයට ගන්නා අතර සත්වයා නොදැකම එම ස්ථානයේ ගැවසුනු සත්වයා කවරෙක්ද, ගැහැනු සත්වයෙක්ද පිරිමි සත්‍වයෙක්ද, කොපමණ වැඩුනු සත්වයෙක්ද යන්න පවා ඔවුන්ට එම ඉව මගින් පැවසීමේ හැකියාවක් ඇතැයි මා අසා තියෙනවා.

    ReplyDelete
  2. @අමිල - ඔබ කියන එක මමත් තරමක් දුරට අහල තියෙනවා. එය මම හිතන්නේ රතු ඉන්දියානුවන්ටම ආවේනික දෙයක් වෙන්න ඇති. මොකද ඔවුන් සම්බන්ධ සිනමා නිර්මාණයකදී වුවත් එය බොහෝවිට නිරූපනය වනවා...

    ReplyDelete
  3. නොදන්න ෆිල්ම් එකක් ගැන විස්තර කිව්වට බොහොම ස්තූතියි. ඒ වගේම ෆොටෝ ටිකත් අනර්ඝයි.

    ReplyDelete
  4. ටික දවසකින් ආවේ මේ පැත්තෙ එල පොස්ට් ටික

    ReplyDelete
  5. @උදාර @ මෝල්ඩර් ෆයිල්ස් - ස්තූතියි!!!

    ReplyDelete