හරි, ඔන්න මෙයා තමයි අද මම කියන කෙනා, Kevin Costner. ඔන්න මෙයා රඟපාපු මතක හිටිනම චිත්‍රපටි කිහිපයක් රූප වලින්ම (Movie Posters) එකින් එක පෙන්නනවා.
මේ Dances with Wolves (1990) අධ්‍යක්‍ෂනය කලෙත් Kevin මයි. ඒවගේම මේක Academy Award, ඒ කියන්නේ ඔස්කාර් සම්මාන හතක් දිනා ගත්තු පික්චර් එකක්. එකෙන් දෙකක්ම ලැබුනෙත් Kevin ටම තමයි. ඒ Best Director සහ Best Picture අංශ දෙකට.
අනික් ඒවයෙත් සමහර ඒවා, එනම් Open Range (2003) මේක බලන්න නම් පැය දෙකකට වැඩි කාලයක් ගත කරන්න නම් වෙනවා. හැබැයි මේ Cowboy film එක නම් ඉතා අනර්ඝයි. 90 දශකයේ හදපු ඒ ජාතියේ චිත්‍රපටි වලින් හොද classic ගතියක් තියෙනවා. Location උනත් ලස්සනයි.

මේ පික්චර් දෙකම (Wyatt Earp සහ Tombstone) එක සමානව වගේ හොදයි. හැබැයි ඉතින් Kevin Costner ඉන්න එක නම් තාත්විකබවෙන් වැඩි බවක් පේනවා. තව දෙයක් තමයි. Tombstone එකේ ඉන්න දුෂඨයා වන කොල්ල කණ්ඩායමේ නායකයා, Wyatt Earp කියන එකේදී Doc Hollyday කියන චරිතයට පණ පොවනවා. ඒ නළුවා තමයි Dennis Quaid. ඒකෙ ටිකක් අපූර්වත්වයක් තියෙනවා.

අනෙක් හොද මතක හිටින චිත්‍රපටියක් තමයි Robin Hood: Prince of Thieves (1991). ඒකේ තේමා ගීතය තමයි Bryan Adams ගේ ජනප්‍රියම ගීතයක් වන "(Everything I Do) I Do It for You". ඒ ගීතයත් එක්ක තවත් මේ චිත්‍රපටිය රසිකයන් අතර ජනප්‍රියවෙන්න හේතුවක් වුනා.


අනික තමයි Water World (1995) මේක ටිකක් අමුතු film එකක්. හැබැයි හරි ලස්සනයි.
දැන් මේ සටහන අවසන් කරන්වා. imdb එකට ගිහිල්ල Search එකක් දැම්මාම තව Kevin Costne ගේ තව පික්චර් දැකගන්න පුළුවන් කියන එක ඔය අයට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. කොහොම වුනත් හංගන්න දෙයක් නෑ මේ බ්ලොග් එකට මම ඇතුල්කරපු පින්තූර ඔක්කොම ටික නම් ගත්තේ imdb එකෙන්ම තමයි.
h - මට හොද හෝඩ්වාවක් දුන්නේ. ඔන්න මං Silvarado හොයාගත්තා.
ReplyDelete