-->

Recent

Tuesday, February 15, 2011

Glavnoye upravlyeniye ispravityel'no-trudovih lagyeryey i koloniy a.k.a. ගුලාග් (GULag) - පළමු හෙලිදරව්ව

මොකක්ද මේ ගුලාග් කියන්නේ? හින්දි චිත්‍රපටියක්වත්ද? නැහැ. ඒ වගේ විනෝදජනක දෙ‍යක් නම් නෙවේ ගුලාග් කියන්නේ. Chief Administration of Corrective Labour Camps and Colonies කියන එක රුසියන් බසින් කියද්දී Glavnoye upravlyeniye ispravityel'no-trudovih lagyeryey i koloniy මෙහෙමයි. ඒක කෙටි කරල තමයි GULag කියල කියන්නේ (Gulag is an acronym formed from the official Soviet designation of its system of prisons and labour camps.).

මේක අපේ රටේ පොත පතේ, පුවත්පත් වල ලියවෙද්දි කියවුනේ සමූහ ගොවිපලවල් කියලයි. ඇත්තෙන්ම මේවා ගොවිපලක් ලෙස නම් කරාට මේවායේ ‍කෙරුනේ වගා කිරීම් හෝ සත්ව පාලනය වගේ දේවල්ම විතරක් නෙවේ. සෝවියට් දේශයේ අති දැවැත්ත කර්මාන්ත ව්‍යාපෘතිවල කම්කරුවන් ලෙසද, පතල් කම්කරුවන් ලෙසද ,  මහාමාර්ග සහ දුම්රිය මාර්ග කම්කරුවන් ලෙසද මේවායේ සිරකරන ලද පිරිමි වගේම ගැහැණු අයටත් බොහොම අවම පහසුකම් යටතේ සහ කටුක කාලගුණ තත්වයටතේ ඉතා දුංඛිත ලෙස වැඩ කරන්නට සිදුවුනා. ඇත්තෙන්ම ඒ අතින් බැළුවාම මේවාට වහල් කදවුරු කියල නම් කලත් වරදක් නැහැ. වඩාත්ම සුදුසු ගුලාග් සිරකරුවන් තම සිර කදවුරු වලට දී ඇති නමයි. ඒ “Meat-grinder” ලෙසයි'

මෙම කදවුරු මුලින්ම ඇතිකරල තියෙන්නේ 1918 මැද භාගයේදී විතර V.I.ලෙනින්ගේ කාලෙදී.   ඒ 1917 විප්ලවය‍ට එරෙහිවූවන්, එනම් “පංති ස‍ටනේ සතුරන්”, පූජකයන්, ප්‍රතිවිප්ලවවාදීන්, දූෂිත රාජ්‍ය නිළධාරීන් මෙන්ම සාමාන්‍ය වැරදි සදහා අත්අඩංගුවට ගන්නා ලද පුද්ලයන් සිර කිරීම සදහායි. එම කදවුරු පිහිටා තිබුනේ සුදු මුහුදට යාබද Karelia කියන ප්‍රදේශයේ, එම මුහුදේම දූපතක් වන Solovetskiye වල, Arkhangelsk  කියන ‍ප්‍රදේශයේ, සෝවියට දේශයේ යුරෝපියනු කොටසේ ආරක්ටික් කලාපයේ Vorkuta සහ Pechora යන ප්‍රදේශවලයි. එසේම 1926 තෙක්ම ඉතාමත් සුළු පිරිසක් දැන සිටි සයිබීරියාවේ Kolyma සහ  Norilsk පලාත්වල පිහිටා තිබූ ගුලාග් කදවුරු සුවිශේෂයි.පසුකාලීනවද වැඩි ප්‍රමාණයක් ගුලාග් කදවුරු ස්ථාපනය කොට තිබුනේ සයිබීරියා කලාපය තුලයි.
V.I. ලෙනින් - (පාලන කාලය 1917 - 1924) - 

අදුරක ඇරඹුම
ලෙනින්ගේ වියෝවින් පසු සෝවියට දේශය නැමති අති දැවැන්ත රාජ්‍ය බලය හිමිකාරීත්වය ලබාගත් ජෝස‍ෆ් ස්ටාලින් රටපුරා ගුලාග් හෙවත් මෙවැනි සිර කදවුරු රැසක් ඇතිකිරීමට අණ දුන්නා. ඒ අනුව 1930 අප්‍රේල් 25 වන දින නිල වශයෙන් මෙම ගුලාග් කදවුරු ස්ථාපිත කරන ලද අතර, ඒ වන විටත් මේවා ගුලාග් ලෙස නිල නාමයකින් හැදින්වුනේ නැහැ. ඒ නිසා මෙම දිනයේදී මෙම වහල් භූමි “ULAG” ලෙසත්, ඉන් පසුව මේවා එම ව‍සරේ නොවැම්බරයේදී GULag ලෙසත් නම් කෙරුනා. 
ජෝසෆ් ස්ටාලින් - (පාලන කාලය 1924 - 1953) -
එම නිල පිළිගැනීමත් සමගම සෝවියට් දේශයේ තෝරාගත් ප්‍රදේශ කිහිපයකට සීමාවී තිබූ මෙම කදවුරු මුළු සෝවියට් භූමිය පුරාම ස්ථාපිත කරනු ලැබුවා. පැහැදිලිවම කියතොත් සෝවියට් අගනුවර වන මොස්කව් වල පවා ගුලාග් කදවුරු ඉදිකිරීමට ස්ටාලින්ගේ රාජ්‍යතන්ත්‍රය පැකිළුනේ නැහැ. 1940 මාර්තු මාසය වනවිට වෙන් වෙන් කදවුරු 53 ක් ද, කම්කරු කොලනි 423 ක් සෝවියට් භූමියේ විවිදාකාරයේ මිනිසුන් සිර කිරීමට යොදාගෙන තිබුනා. අපූරුම කරුන වන්නේ මෙම සිරකදවුරු තුල පරිපාලයට යොදවා තිබුනේ පෙර සිර ජීවිත ගත කල විවිද අපරාධකරුවන් රැසක් වීමයි. එසේම සෝවියට් භූමියේ පමණක් නොව, එරටට ඍජුව හෝ අනියම් ආකාරයකට බලපෑම් සිදුකල හැකිව තිබූ එවකට චෙකොස්ලෝවැකියාව,  හංගේරියාව, පෝලන්තය සහ මොංගෝලියාව වැනි රාජ්‍ය තුල පවා ගුලාග් කදවුරු ස්ථාපිතකර තිබුනා.
පැරණි පුවත්පතක ගුලාග් තදවුරු පිහිටා ඇති අයුරු දැක්වෙන සිතියමක්
පහත දැක්වෙන්නේ Wikipedia වෙබ් අඩවියේ ඇති ගුලාග් පිළිබද ලිපියේ ඇති ගුලාග් පිහිටා ඇති ස්ථාන දැක්වෙන සිතියමයි.
The Gulag camps in 1954, since Je.Z.Rachinski, A.B.Roguinski, V.A.Krakhotin, A.Ju.Daniel, I.G.Okhotin, E.B.Zhemkova & N.B.Mirza of the "Memorial" foudation, in "Russkie & Kitaie" magazine nr.17, ed. "Karta", Moscow 2007
ඊටත් අමතරව දෙවන ලෝක යුද්දයේ ජර්මනිය පරාජය වීමෙන් පසු සෝවියට් ආධිපත්‍යයට යටවූ ජර්මානු පාලනය පැවති රටවල ඔවුන් විසින් පවත්වාගෙන ගිය වදකාගාර, සමූහ සිරකදවුරු යනාදියද ගුලාග් කදවුරු බවට පරිවර්ථනය කරනු ලැබුවා.

“Enemies of the State”
මෙසේ නිල තත්වයක් ලබාදීමෙන් අනතුරුව මෙම කදවුරු තුල විවිදාකාරයේ පුද්ගලයන් සිරකිරීමට මෙන්ම වද දීමටත්, ඔවුන් මරා දැමීමටත් යොදාගත්තා. එකල සෝවියට් දේශයේ වාසය කල සෑම තරාතිරමකම මිනිසුන් මේවා තුල ඉතාමත් අභාග්‍යසම්පන්න දිවියක් ගතකරනු හෝ මරා දැමෙනු දක්නට ලැබුනා.

ඔවුන් අතර සෝවියට් දේශය බිහිකිරීමට උර දුන් විප්ලවවාදීන්ද සිටියා. ඊට අමතරව හමුදාවේ උසස් නිළධාරීන් සහ අනෙකුත් නිල දරන්නන්, දේශපාලන සිරකරුවන් හෙවත් “Enemies of the State”, විද්‍යාඥයන්, ලේඛකයන්, කලාකරුවන්, ඉඩම් හිමියන්, සාමාන්‍ය ගොවීන් මෙන්ම දෙවන ලෝක යුද්දයත් සමග ත්‍රස්තවාදීන් ලෙස නම් කරන ලද පෝලන්ත හා යුක්රේන ජාතිකයන්, වොල්ගා පුදේශයේ සිටි සෝවියට් හිතවාදී නොවූ ජර්මානුවන් මෙන්ම සෝවියට් හමුදා විසින් අල්ලා ගන්නාලද ජර්මානු සහ ඉතාලි ඇතුළු එම පාර්ශවයේ යුද සිරකරුවන්ද, යුද්දයේදී හමුදාවෙන් පලාගිය සෝවියට් සොල්දාදුවන් සහ යුද්දයෙන් අනතුරුව යුද සිරකරුවන් ලෙද සිරගතව සිට නිදහස ලබා තම රට පැමිනි සෝවියට් සොල්දාදුවන් බොහොමයකට යන්නට සිදුවූයේ මෙම ගුලාග් තුලටයි. ඒ ඔවුන් සටන පාවා දුන් අය ලෙස හංවඩුවක්ද ලබා දෙමිනුයි.


පොත්වල නැති ඉලක්කම්

මෙම ගුලාග් තුල සිරගත කරන ලද මිනිසුන් සංඛ්‍යාව හෝ මියගිය හෝ මරා දමන ලද සංඛ්‍යාව මෙන්ම සදාකාලික අංගවිකල හෝ ආබාදයන්ට ලක්වූවන්ගේ සංඛාව නිල ලේඛන වල දකින්නට ලැබෙන අගයට වඩා අතිශයින්ම වැඩි වූ බව නොරහසක්. කෙසේවෙතත් එම අසම්පූර්ණ ලේඛණ වලට අදාලව මේවායේ මියගිය සංඛ්‍යාව පමණක් මිලියනයකට අධික බව පැවසේ. මේ අගය සැලකූවිට මෙහි සිර ජීවිත ගත කරන්නට ඇති මනුශ්‍යන් ගණන කොපමණ වන්නට ඇත්දැයි සිතාගැනීමටවත් නොහැකිබව ඇත්තවශයෙන්ම පිළිගන්නට සිදුවේ. එසේම මෙම මිය ගිය සංඛ්‍යාව සමහර මූලාශ්‍රවල දක්වා තිබුනේ ඇමරිකානු හමුදාව සහ ඔවුන් සමග ඒකාබද්ධව සටන් කල හමුදාව මරා දැමූ මිනිසුන් සංඛ්‍යාවේ එකතුවද ඉක්මවා මෙම කදවුරු තුල හා ඒ හා සබැදුන ක්‍රියාකාරකම් වලදී මිනිසුන් මියගියා හෝ මියපරලොව යැවීමට කටයුතුකලා ලෙසයි. 

තවද ලෝ පරසිදු සෝවියට් ඔත්තු සේවය වන K.G.B. යේ අතිශය රහස්‍ය වාර්තාවක් 1991 දී නිරාවරණය වී ඇති අතර එහි සදහන් වන ආකාරයට මිලියන 42 ක් වන මිනිසුන් සංඛ්‍යාවක් ස්ටාලින්ගේ පාලන කාලය ඇතුලත, ගුලාග් තුල හෝ ඉන් පිටතදී මරා දමා ඇත.

මේ තරම් ප්‍රවේශම් කරන්නේ ඔබලාගේම හොදටයි !
මෙම කදවුරු උස ශක්තිමත් තාප්ප වලින් හෝ කටු කම්බි වැටවල් වලින් වටකොට තිබුනා. එසේම මේවා බාහිර ලෝකයට දැන ගැනීමට නොහැකි වන ලෙස සරසිගතව තමයි බොහෝවිට පවත්වාගෙන ගොස් ඇත්තේ. මේවායේ දුංඛිත තත්වය පුන පුනා පැවසීම නිශ්පලයි. 

සිරකරුවෙකුට දිනකට පැය 14 ක් හෝ 18 ක් නොකඩවා වැඩ කිරීමට සිදුවුනා.එයට සාපේක්‍ෂව දිනකට ලැබුන ආහාර සලාකය ඉතාමත්ම කුඩායි. ඇගලා ගැනීමට ඇදුම් ලැබුනේ ඉතාමත් සුළු ප්‍රමාණයක්. ඉතාමත් කටුක සෝවියට් ශීත ඍතුව තුල පැය ගණන් එලිමහනේ වැඩ කරන්නට වූ මෙම අසරණයන්ට, මේ නිසා විදින්නට සිදුවූ ගැහැට ඉතාමත් ශෝකාකූල වුනා. ඒ අනුව මියගිය මිනිසුන්, මරා දැමීමෙන් මියගියාට අමතරව, ලෙඩ‍ රෝග වලින් සහ ආහාර හිඟවීමෙන් සාගතයට ලක්වී‍ම තුලින්ද මිය ගිය බව නොසගවා බැහැ.
People were dying from exhaustion, starvation, hard labor... Marxism-Leninism was based on the theory of evolution which teaches that through millions of years, labor had helped the ape-man to became human... Here, in camps, they proved that this process is reversible. With hard labor and little food they were able to turn human beings back into animals in just in a few months...  

එසේම ඔවුන් එකිනෙකා තමන් සිර ගතවූ හේතුව කතා කිරීමට ගියෙත් නැහැ. එය තහනම් කොට තියෙන්න ඇති. එසේම ඔවුන‍්ගෙන් බහුතරයකට සිය ආදරණියන් නැවත දැක ගැනීමට හෝ ඔවුන් පිළිබදව කනින් ඇසිමට හෝ භාග්‍යද අහිමිව ගොස් තිබුනා. එසේම ගුලාග් වල රැකවළුන්ගෙන් විදින්නට සිදුවූ ගැහැට අනන්තයි, අප්‍රමාණයි.

එසේම 1945 මැයි මාසයේදී දෙවන ලෝක යුද්දය නිමා වීමෙන් අනතුරුව සෝවියට් දේශයෙන් පිටත සිටි සෝවියට් පුරවැසිභාවය ලැබූ මිලියන දෙකක් පමණ වන ජනතාවක් නැවත සෝවියට් දේශයට බලහත්කාරයෙන් ගෙන්වා ගැනීමට ස්ටාලින් පාලනය අමතක කලේ නැහැ. ඒ ඇමරිකා එක්සත් ජනපදය හා මහ බ්‍රිතාන්‍ය සමග 1945 පෙබරවාරියේදී, Yalta සමුළුවේදී අත්සන් කල Repatriation ගිවිසුම මගින් වේ. ඒ අනුව 1945 සිට 1947 දක්වා අතර කාලසීම‍වේදී එම දෙරටේ වසර ගණනාවක් සිට පදිංචිව සිටි, කොටින්ම 1917 විප්ලවයට පෙර සිට සෝවියට් දේශයෙන් බැහැරව සිටි සෝවියට් පුරවැසියන් නැවත බලහත්කාරයෙන් සෝවියට් දේශය වෙත පිටුවහල් කරනු ලැබුවා. ඉක්බිති ඔවුන්ට සිදුවූයේ ගුලාග් තුල ලැගුම් ගන්නයි.

මෙම ගුලාග් කදවුරු සදහා මිනිසුන් අත්අඩංගුවට ගැනීම සදහා සෝවියට් දේශයේ රහසිගත සහ ප්‍රසිද්ධ සංවිධාන සහ ආයතන රැසක් තිබී ඇති අතර මුලින්ම එම කාර්යය ප්‍රධාන වශයෙන් සිදුකර ඇත්තේ ලෙනින්ගේ කාලයේ පිහිටවූ Cheka (Chrezvychaynaya Komissiya, Extraordinary Commission ) සංවිධානයනයි. පසුව එම රාජකාරිය ස්ටාලින්ගේ කාලයේ පිහිටවනු ලැබූ NKVD හෙවත් Narodnyy komissariat vnutrennikh del යන රුසියානු බසින් හැදින්වූ “The People's Commissariat for Internal Affairs යන රහසිගත සංවිධානය හොදින් ඉටුකරනු ලැබුවා.  1937-1938 කාලපරිච්චේදය මෙම සංවිධානයට අතිශයින්ම කාර්යබහුල කාලයක් වී තිබුනා. ඒ වැඩිම මිනිසුන් සංඛ්‍යාවක් අල්ලා ගෙන ගුලාග් වෙත හෝ මෙලොවින් තුරන් කිරීමට වෙහෙසුන කාලය ලෙසයි. මිලියන ගණනක් ගුලාග් වෙතටත්, දළ වශයෙන් මිලියනයක පමණ මිනිසුන් මරුවා වෙත යොමුකිරීමටත් මෙම NKVD සංවිධානය “කරුණාවන්ත” වී තිබුනා. එසේම මෙම කදවුරු වලින් පැන යන්නන්ටද එම සත්කාරයම ලබා දීමට ඔවුන් ලෝභවී තිබුනේ නැහැ.

Everyone who tried to escape the Gulag had almost no chance of surviving. They had to walk hundreds of kms through forested wilderness... the direction hardly mattered because the people had nowhere to run. The whole country was one big prison labor camp.


ඔබට ගුලාග් ගැන තවදුරටත් වටහා ගැනීමට මේ විඩියෝ ක්ලිපයද බලන්න.

No comments:

Post a Comment