-->

Recent

Sunday, March 13, 2011

රෂ්මෝර් කන්දේ සිටින්නේ කවුරුන්ද????

ඔබ ඇමරිකා එක්සත් ජනපදය පිළිබදව කියවනවිට හෝ ඒ පිළිබදව නිමවා ඇති වීඩියෝ දර්ශන නරඹන විට සුවිශාල ගල්කුලක නිර්මාණය කොට ඇති මිනිස් මුහුණු හතරක් දැක තිබේද?

මේවා තියෙන්නේ එරට දකුණු ඩකෝටාවේ නිරිතදිග දිශාවටවන්නටයි. මේ මිනිස් මුහුණු හතරේ හිමිකරුවන්නම්, එ‍රට ජනපතිවරුන් වූ George Washington, Thomas Jefferson, Theodore Roosevelt, සහ Abraham Lincoln යන අයගේ. මෙය ඇමරිකාවේ ජාතික සිහිවටනයක් වන අතර ලොව තිබෙන විශාලතම මූර්ති කිහිපයකින් එකක් වන අතරම එක මුහුණක උස තට්ටු හයක ගොඩනැගිල්ලක උසට සමාන බවද කියවේ. ඒ කියන්නේ මීටර් 20 ක් නැත්නම් අඩි 60 ක් විතර උසයි.
කව්ද මේ මූර්ති හැදුවේ?
1925 දී ඇමරිකාවේ ආණ්ඩුවට උවමනාවුනා ඔවුන‍්ට සිටි ‍ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරු හතර දෙනෙකු වෙනුවෙන් සිහිවටනයක් ගොඩනැංවීමට. මේක ඇත්තටම ඔවුන්ට යෝජනා කරල තියෙන්නේ එරට ඉතිහාසඥයකුවන Doane Robinson විසින්. ඒ 1920 මුල් භාගයේදී.  ඒ ඔවුන්ගේ රට බිහිවෙලා වසර 150 ක් වීම සැමරීම සදහා. මෙම කාර්යය පැවරුනේ එ‍රට මූර්ති ශිල්පියෙක් වූ Gutzon Borglum හටයි. ඔහු සිය ‍යෝද ප්‍රතිමා ගොඩනැංවීමට තො‍්රා ගත්තේ සුවිශාල ගල් කුලක් වන හෙක්ටයාර් 517 ක් නැත්නම් අක්කර 1278ක් වසා ගෙන සිටි රෂ්මෝර් කන්දයි (Mount Rushmore).
ප්‍රතිමා නෙලීමට පෙර 1925 දී රෂ්‍මෝර් කන්ද දිස්වී ඇති අයුරු
මෙය  නිර්මාණය කිරීම 1927 දී ඇරඹු අතර නිමවීම සදහා වසර 14 ක් ගතවිය.
කොහොමද ඒ අය මේක කලේ?
මෙම ප්‍රතිමා සෑදීමට දායක වූ අය ඒ සදහා ඩයිනමයිට්, jackhammers, නියන් ආදිය යොදාගෙන තිබේ. ඔවුන් මෙය නිම‍වීමෙදී ගල් ටොන් 450,000 ක් පමණ පුපුරවා ඉවත් කරලත් තියෙනවා. මේ වැඩබිමේ වැඩකිරීම නම් අනුතුරුදායක දෙයක් වූ බව තමයි කියන්නේ. මොකද ඔවුන්ට පොළව මට්‍ටමේ සිටි අඩි සිය ගණනක් උසින් ඉදල තමයි මේක කරන්න සිදුවෙලා තියෙන්නේ. කොහොමවුනත් මේක හදපු 1927 සිට 1941 දක්වා කාලය තුල 400 දෙනෙකුපමන සම්බන්ධවෙලා තිබුන බවද කියන්න ඕන.

මේ මුහුනු මෙම පර්වතයේ මතුකරල තියෙන්නේ මෙන්න මේ අනුපිළිවලට; මුලින්ම George Washington ගේ දෙවනුව Thomas Jefferson ගේද, තෙවනුව Abraham Lincoln සහ අවසානයේ Theodore Roosevelt ජනාධිපතිතුමාගේද වන ලෙසයි.

ඒවගේම ඕනෑකමින්ම කියන්න ඕන මේ නිකම්ම ආවටගියාට හදපු ප්‍රතිමා නොවන බව. මුහුනේ මුල් හැඩය මතුකරගත්තට පස්සේ ඒක බොහොම කලාත්මක විදියට සුමට කරල මුහුනේ ඉරියව් ආදිය ස්වභාවික විදියට ගොඩනංවන්න සෑහෙන මහන්සි වෙලා තියෙනවා. මේ පහල රූපයේ බලන්න Lincoln ජනාධිපතිතුමාගේ ඇස ඉර එළිය වැටුනම දි‍ලිසෙන විදියට ඔවුන් ගොඩනංවාගෙන යන ආකාරය.

නමුත් අවසානවන්ත විදියට මේ නිර්මාණකාර්යයේ නියමුවා වුන Gutzon Borglum ට නම් තමන්ගේ නිර්මාණය මුලුමනින්ම දැකගැනීමේ භාග්‍ය අහිමිවෙලා තියෙනවා මොකද Roosevelt ගේ මුහුනේ වැඩකටයුතු අවසන්වීමට පෙරාතුවම ඔහු අභාවප්‍රාප්තවීම නිසා. ඊටපස්සේ මෙම කාර්යය ඉෂ්ඨසිද්ද කරල තියෙන්නේ Borglum පුතා වන Lincoln විසින්. Borglum ජීවතුන් අතර සිටියනම් මෙම නිර්මාණය තවත් අලංකාරවත් වෙනවා නිසැකයි. මොකද ඔහුගේ අදහස නම් තිබිල තියෙන්නේ මෙම මූර්තිවල උඩුකයම, ඒ කියන්නේ ඉඟටිය දක්වාම නෙලන්නයි. ඒත් ඔහුගේ අභාවයත් සමග ඒ මුල් අදහස යටයන්නැති කියල තමයි හිතන්න වෙන්නේ.
Gutzon Borglum ජීවතුන් අතර සිටියා නම් බොහෝවිට මේ ආකාරයට ප්‍රතිමා දිස් වේවි.

බොහෝදෙනෙක් නොදන්නා රහසක්

මේ කියන්න හදන දේ බොහෝ දෙනෙක් නොදන්නා දෙයක්. ඒ තමයි ගල් ගුහාවක් නිර්මාණය කොට තිබෙනවා Lincoln ජනාධිපති තුමාගේ හිසේ පිටුපසට වන්නට. මේ දැන් පෙන්වන රූපයේ ඒ ගල් ගුහාවේ දොරටුව හොදට පේන්න තියෙනවා. මේ ගල් ගුහාව හදුන්වන්නේ Hall of Records ලෙසයි.


මෙන්න දැන් කියන්නම් මේ ගැන වැ‍ඩි විස්තර.  මෙම නිර්මාණ කාර්යයේ මුල් සැලැස්මට අනුව මෙහි නිර්මාණකරු වෙච්ච Gutzon Borglum ට උවමනාවෙලා තියෙනවා ඇමරිකාවේ ඉතිහාසයේ කැපී පෙනෙන සිදුවීම් නමයක් ඇතුලත් ශිලා ලේඛණයක් මෙම ජනාධිපතිවරුන්ට අමතරව මෙහි නිර්මාණය කරන්න. ඔහු සිතල තියෙන්නේ ජනාධිපතිවරුන්ට පැත්තකින් අඩි 80 ක් පළලටත්, අඩි 100 ක් උසටත් මෙය තනන්නයි. කොහොමඋනත් මෙය සාර්ථකවෙන අදහසක්නොවන ව පෙනිල තියෙන්නේ එය සාදන තැන සිට මිනිසුන් සිටින තැනට මෙහි අකුරු නොපෙනෙනබව පසුව පෙනීගිය නිසාය.


නමුත් Borglum තමන්ගේ අදහස වෙනස් විදියකට හරි කරන්න ඕන කියල මුල් සැලැස්මේ ජනාධිපති පිලිරූ තිබෙන තැන්ද වෙනස් කරල තියෙනවා. ඒ කියන්නේ Jefferson සහ Lincoln අයගේ රූප ඔය දැන් තියෙන තැන්වල නෙමේලු මුල් සැලැසුමේ නම් තිබුනේ. ඒ එක්කම මේ කියන ගල් ගුහාව ඔහු සාදන්න අදහස් කරල තියෙනවා. ඒකට තියපු නම තමයි Hall of Records.


1938 දී වැඩ අරඹපු මෙම ගල් ගුහාවේ දොරටුවේ උස අඩි 20 ක්ද, පළල අඩි 12 ක් ද වෙනවා. ඒවගේම Borglum හිතල තියෙනවා මේකට කැපී පෙනෙන පඩි පෙලක්ද පහල සිට ඉහලට නගින්න දාන්න ඕන කියල. ඒකියන්නේ ගලින් නිමවපු පඩි 800 ක් විතර. ඒ වගේම මේ Hall of Records තුල ඇමරිකාවේ ව්‍යවස්ථාව සහ එරට නිදහස් ප්‍රකාශයද (the Constitution of the United States and the Declaration of Independence) තබන්න ඔහු අදහස් කරගෙන ඉදල තියෙනවා.


මේ ගල් ගුහාව හදන වැඩේනම් පිලිම හදන තරම් ලේසි වෙලා නැහැ. ඉතාමත් අසීරු කටයුත්තක් වූ මෙහි නිරතුරුවම කළුගල් සෑරීමට ගන්නා උපකරණ වල කටු මොටවීමට කල්වූ අතර වැඩෙහි නිරතවන්නන් කළුගල් විදීමේදී ඇතිවන දුහුවිල්ලේන් නැහැවී සිටි බව කියනවා. කොහොමහරි අඩි 70 ක් විතර ඇතුලට මෙය සාරගෙන ගොස් ඇති අතර ඒ අතර ප්‍රධාන කාර්යය වන ප්‍රතිමා නෙලීමද සිද්දකරගෙන ගොස් ඇත.


නමුත් මේ කාලවකවානුව ‍වනවිට දෙවන ලෝක යුද්දය ඇරඹුන අතර ඇමරිකාවටද අනපේක්‍ෂිත ලෙස එයට සම්බන්දවන්නට වූ අතර මෙම කාරණානිසා අදාල නිර්මාණයට හා අනෙකුත් කාර්යයන්ට මුදල් ලැබීමද බොහෝසෙයින් අඩුවන්නට විය.


එහෙත් යුද්ධය අවසන් වූ පසු මෙම තත්වය වෙනස් වනු ඇතැයි ට Borglum අපේක්‍ෂා කල අතර ගුහාවේ තව දුරටත් අලංකරන කටයුතු සිදුකල අතර මෙහි තැන්පත් කිරීමට නියමිත ශිලා ලේඛන භාෂා කිහිපයකින් කාමර කිහිපයකම තැබීමටද බලාපොරොත්තුවිය.


නමුත් අවාසනාවකට වාගේ කටයුතු සිද්දවෙන්නවූයේ Borglum ට හිතකර නොවන ලෙසකට වූ අතර 1941 මාර්තු මාසයේ චිකාගෝවෙදී කෙරුන සුළු සැත්කමකදී නොසිතූ ලෙස ඔහු මිය ගිය අතර ඉතිරි වැඩ කටයුතු මෙම ලිපියේ මුලින්ද කියූ පරිදි ඔහුගේ පුතාට පැවරුනා. මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් වූයේ එම වසරේ වසන්ත ඍතුව දක්වා පමණක් වූ අතර එම වසරේ ඔක්තෝබර් 31 වන දින මෙම ව්‍යාපෘතිය නවතා දැමූ අතර ප්‍රළිමද කඩිනමින් නිමවන ලදි. Borglum ගේ පුතාද යුද්ධයෙන් පසු කටයුතු යහපත්වේ යයි සිතූ අතර සිය පියාගේ බලාපොරොත්තුවක් වූ Hall of Records සාදානිමකිරීමට ඉන්පසු හැකිවෙතයි ඔහු සිතුවා.


කෙසේ නමුත් Borglum පවුලේ මෙම සිහිනය වසර කිහිපයක්ම සාක්‍ෂාත්කරගැනීමට හැකි සෑම උත්සායක්ම දැරීය.කෙසේවෙතත් 1998 දී එරට උද්‍යාන පද්දතියේ අනුග්‍රහයද ඇතිව ඔවුන්ට මෙය යම් තාක් දුරකට සඵල කරගැනීමට හැකිවූ අතර ශිලාලේඛන කෙසේ වෙතත් ටයිටේනියම් vault තුල තැබූ තේක්ක ලීයෙන් නිමැවුන පෙට්ටියක් තුල පෝසිලේන් පිඟන් මැටි වලින් නිමැමුන ලේඛන දහසයක් තැන්පත් කරන ලදි. මේවායේ ඇමරිකාවේ ව්‍යවස්ථාව සහ එරට නිදහස් ප්‍රකාශයට අමතරව එරට ඉතිහාසය, මොන කරුන නිසාද මෙම රෂ්මෝර් පිළ්‍රම ගොඩනැගුවේ, කොහොමද ඒවා ගොඩ නැගුවේ සහ මෙම ජනාධිපතිවරුන් පිළිබදව වෙනවෙනම තොරතුරුද ඇතුලත්කොට තිබේ.


“Into this room the records of what our people aspired to and what they have accomplished should be collected and preserved, and on the walls of this room should be cut the literal records of the conception of our republic, its successful creation, the record of its westward movement to the Pacific, its presidents, how the memorial was built and, frankly. Why.” Gutzon Borglum.


නැවතත් සුපුරුදු කතාවට එමු...


ඒ වගේම රාත්‍රියේදීත් මෙය දර්ශනීයව දැකබලාගන්න පුළුවන් විදියට ආලෝකමත් කරල තියෙන බවත් කියන්න ඕන. ඒ කාලේ මේ මූර්ති හදන්න ඇමරිකානු ඩොලර් මිලියනයක් ක් පමණ වැයවූ බවද අවධාරනයෙන් කියන්න වෙනවා.

අවසාන වශයෙන් කියන්න ඕන මේ ප්‍රතිමා අතරට තව ප්‍රතිමා කිහිපයක්ද එකතු කරන්න යෝජනා වෙලා තිබුන බව. ඒවා නම් ජනාධිපතිවරුන්වූ John.F.Kenady සහ  Ronald Reagan ගේත් සුප්‍රසිද්ධ ගායකයකුවූ Elvis Presley ගේ. නමුත් එම‍ යෝජනාව ප්‍රතික්‍ෂේපවී තිබෙනවා.



අවසාන වශයෙන් කියන්න ඕන මෙම රෂ්මෝර් කන්දේ ප්‍රතිමා බලා කියා ගන්නේ ඇමරිකාවේ ජාතික උද්‍යාන සේවය විසින්. 

30 comments:

  1. නියම පෝස්ට් එක මචං. ගොඩක් ස්තූතියි තොරතුරු වලට!

    ReplyDelete
  2. @මුචලින්ද - ස්තූතියි! නැවත එන්න...

    ReplyDelete
  3. වටින පොස්ට් එකක්...

    ReplyDelete
  4. හැමදාම වගේ නියමයි ලිපිය..

    ReplyDelete
  5. @'''Outsider'''-ස්තුතියි! සහෝ....

    ReplyDelete
  6. වෙනද වගේම තමයි මේ සැ​රේ දාලා තියෙන්නෙත් වටිනාකමින් බොහොම ඉහළ ලිපියක්. ඉස්සරහටත් මේ වගේ වටිනා ලිපිම දාන්න.

    ReplyDelete
  7. නියමයි කතා කරල වැඩක් නෑ

    ReplyDelete
  8. @උදාර-ස්තූතියි! වැඩිපුරම දාන්න හිතාගෙන ඉන්නේ මේවගේ ලිපි තමයි. ඒත් ඒකාකාරීබවෙන් මිදෙන්න වෙනත් තේමා ගැනත් ලිපි මිශ්‍ර කිරීමක් කරනවා...

    ReplyDelete
  9. @MaRLaN- ස්තූතියි! නැවත එන්න...

    ReplyDelete
  10. thanks a lot a very interesting post..

    ReplyDelete
  11. නියමයි,හොඳටම ලියලා තියෙනවා

    ReplyDelete
  12. ස්තූතියි! නැවත එන්න...

    ReplyDelete
  13. දිනේශ් ඔයාගෙ සටහන් වල තියෙන වාර්තාමය වටිනාකම නිසා නරකද මේ දේවල් විකිපීඩියාව වගේ තැනකත් යොදන්න පියවර ගත්තනම්? ඒක කරන විධිය ගැන මට ඒ තරම් අවබෝධයක් නෑ... ඔයාට හොයාගන්න බැරි වෙන එකක් නෑ....

    ReplyDelete
  14. @hare :-) මුලින්ම ඔබට ස්තූතිවන්තවෙනවා මේ පිළිබදව ඔබගේ ඇති උනන්දුව සහ මා ධෛර්යයමත් කිරීම පිළිබදව, මම ඔබ කිව්ව යෝජනාව ගැනත් ඇත්තටම සොයාබලන්නම්. ඔබ ඒ පිළිබදව මගේ සිත යොමුකරවීම පිළිබදව නැවතත් තුති පුදනවා...

    ReplyDelete
  15. After a long time, I saw another blog post which is really useful and interesting! Good work! Keep it up! :)

    ReplyDelete
  16. @ලකී වික්‍රමසිංහ-Thank you friend... In near future there will be more interesting topics herewith Sath Samudura... come again & enjoy...

    ReplyDelete
  17. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ස්තුතියි.....

    ReplyDelete
  18. @හරි - ස්තූතියි! ඉදිරියේදිත් පැමිනෙන්න...

    ReplyDelete
  19. hare :-)
    I think that is a good idea machang.Dinesh If can do it.

    ReplyDelete
  20. ගොඩක් දේවල් දැන ගත්ත ගොඩක් ස්තූතී මචං :)

    ReplyDelete
  21. @යොහාන් කණ්ෂ්ක - ස්තූතියි! නැවත එන්න...

    ReplyDelete
  22. ඉතාම අගනා ලිපියක්,ඇත්තටම සහොදරය ඔයා මේ වගෙ වඩ කටයුතුවලට කාලය කලමනාකරනය කරගන්න විදියට මට පුදුවයි, මොකද ඔබතුමා වැදගත් රාජකාරියක් කරන ගමන්, නිවසෙ වගකීම්ද ඉ‍ටුකරමින් මේ කරන කාර්ය ඇත්තටම් සෙවයක්, මම යෝජනාවක් කරන්නම්, ඒඉක මෙහෙම කලාට කමක් නෑ කියල හිතන්නම්, අපි ගම්මි මේක ඩොමේන් නෙම් එකක් සත්සමුදුර.com කියල, මම බරපැන දරන්නම්, අපි පොඩ්ඩක් අලුත් වෙමු මේ කාලයත් එක්ක, සත්සමුදුර ලොකයටම දිය දෝතක් වෙන එක ඉක්මන් කරමු, මම දන්න කෙනෙක් ඉන්නව, මම ලංකාවට ආවගමන් අපි කරමු ඒ වැඩේ.ස්තූතී සහොදරය.

    ReplyDelete
  23. @සංහිඳ පාමුළ - බොහොම ස්තූතියි! මට හරි සතුටුයි ඔබ නැවත සත් සමුදුරේදී දැක ගන්නට හැකිවීම පිළිබදව. ඔබ කියන කතාව නම් ඇත්ත බොහෝ අභියෝගද හමුවේ තමයි බ්ලොග් වැඩේ කරන්නේ. රාජකාරියේදී ලැබෙන විවේකයේදී ටිකක් වේගයෙන් කරුණු එක්තැන් කිරීම තමයි සිදු කරන්නේ. ගෙදරදී නම් මේ වැඩේ කරන්න නොලැබෙන තරම්. ඔබේ යෝජනාව නම් ඇත්තටම හොදයි. අපි ඉදිරියේදී ඒ ගැන කතා කරමු...

    ReplyDelete
  24. Thanks Dinesh,
    You have doing a great blog. This is different from most of other blogs which are giving cheap entertainment. Good work, keep it up and distribute knowledge to people.

    ReplyDelete