-->

Recent

Saturday, March 26, 2011

Stallone ගේ තවත් අමතක නොවන සිනමා සිතුවම් කිහිපයක්...

සත් සමුදුරේ කිහිපවිටක්ම  Sylvester Stallone ගැන කතා කලබව ඔබට මතක ඇති. අද කතා කරන්නෙත් Stallone රඟපෑ චිත්‍රපටි තුනක් ගැන තමයි. මේ චිත්‍රපටි නම් මීට වසර කිහිපයකට හෝ දශකයකට පමණ පෙර තිගතවූ ඒවායි. ඒත් ඒවා තවමත් රසවිදිය හැකි හොද ක්‍රියාදාම චිත්‍රපටි කියල බය නැතුව තියන්න පුළුවන්. 

මුලින්ම බලමු 1986 දී තිරගතවූ Cobra චිත්‍රපටිය ගැන.


මෙහි Sylvester Stallon පණ පොවන්නේ Lieutenant Marion 'Cobra' Cobretti කියන පොලිස් නිලධාරියාගේ තනතුරට. මුළුමනින්ම ක්‍රියාදාම හා ත්‍රාසජනක වගේම යම් විටක භිතියද ගෙන දෙන මෙම චිත්‍රපටියත් අප කතානායකයාගේ සිනමා දිවියේ යම් සැතපුම් කනුවක් කීවත් ඔබ එකඟවේවි. ඔහු නිතර පැලද සිටි කළු පැහැ උපැස් යුවලත්, 

ටිකක් අමුතු හැඩයේ මෝටර් රථයත් චිත්‍රපටිය තවත් අපගේ මතකයට නගා ගන්න පහසුකරවනබව කිව යුතුයි. 

අප පාසල් යන අවධියේ තිරගතවු මෙම සිනමා නිර්මාණය එකල අපගේ මිතුරන් අතර කතා බහටද හොද මාතෘකාවක් වූ බව සඟවා බැහැ. 

දෙවැන්න තමයි Cliffhanger. 1993 දී තිරගතවූ මෙම චිත්‍රපටියද මුලසිටම ත්‍රාසයෙන් පිරී ඉතිරී ගිය ක්‍රියාදාම චිත්‍රපටියක් වූ අතර සාමාන්‍යයෙන් වෙනත් ක්‍රියාදාම චිත්‍රපටිවල අඩුවෙන් යොදා නොගන්නා තේමාවක් ‍ඔස්සේ කතාව ගොඩනගා ඇති බව කිව හැකියි. 


ශිතල හිම මුදුන කදු මුදුන් වල මුදල්‍ කොල්ලකා ගුවන් අනතුරකින්ද ගැලවී පලායන මැර කණ්ඩායමක බලපෑමට හසුවූ කදුමුදුන්වල අතරමංවූවන් ගලවාගැනීමේ කණ්ඩායමක ගලවාගන්නෙකුගේ චරිතය අතිවිශිෂ්ඨ ලෙස Stallon රඟපාන අයුරු මෙහිදී දැකගත හැකියි.

මෙම චිත්‍රපටිය ඔස්කාර් සම්මාන තුනක් සදහා නිර්දේශිත නාම ලැබීමට වරම්ද ලැබු අතර, ඒ හොදම ප්‍රයෝග සහ ප්‍රයෝග සංස්කරණ, හොදම දර්ශන සහ හොදම ශබ්ද පරිපාලණය යන අංශ සදහායි.

තෙවැන්න තමයි Daylight

මෙයත් තරමක් වෙනස් තේමාවක සිනමා සිතුවමක් වූ අතර 1996 දී තිරගතවූවා. මෙය ඔස්කාර් සම්මාන උ‍ළලේ හොදම ප්‍රයෝග සහ ප්‍රයෝග සංස්කරණ යන අංශ සදහා නිර්දේශිත නාමද ලබා ගැනීමට සමත් වූ අතර Hudson ගංඟාවේ යට පිහිටි උමංමාර්ගයක සිදුවන අනතුරක් නිසා විපතට පත්වන්නන් බේරා ගැනීමේ මෙහෙයුමක නායකත්වය Stallone දරන අයුරු සහ ඒ රංගනය වෙනුවෙන් ඔහු දක්වන කැපවීම මෙම චිත්‍රපටිව තුල දැක ගතහැකියි.

මෙම චිත්‍රපටි තුනම බොහෝවිට ඔබ බලා ඇති පැරණි ඒවා වූවත් තවමත් එදා මෙන්ම රසවිදිය හැකිබව මා මෙන්ම ඔබද පිළිගනීවි...

මීට පෙර Sylvester Stallone  ගැන කතා කල ලිපි :

9 comments:

  1. ලිපිය තරමක් කෙටි වුණත් වටිනාකම අතින් ඉහළයි. ඉඩ තියෙන විදිහට රායි, කුරසෝවා, තර්කයෙව්ස්කි, කිසලොව්ස්කි, බර්ග්මාන්, ස්පිල්බර්ග්, හිච්කොක්, කියෙරොස්තාමි ආදී අධ්‍යක්ෂවරුන් ගැන සහ ඔවුන්​ ගේ නිර්මාණ ගැනත් ලිපි ලියන්න.

    ReplyDelete
  2. Cobra විතරයි තවම බලල තියෙන්නෙ මේ තුනෙන්ම. ඒකත් ඔයා වගේම ඉස්කෝලෙ යන කාලෙ තමයි බැලුවෙ. කලින් ඔබේ ලිපිවල තිබ්බ ඒව අතරින් kevin costner ගේ සහ Eastwood ගෙ චිත්‍රපට කිහිපයක් හොයාගෙන බැලුව. ඇත්තටම හොඳයි.

    ReplyDelete
  3. දි‍නේස් මිතුර
    මම සාමන්‍යයෙන් film බලනවා අඩුයි.විශ්වය ,ඉතිහාසය,ලොව අරැම පුදුම ‍තොරතුරැ නිතරම සොයනවා.ඔබෙ‍න් බොහො තොරතුරැ මම දැන ගත්තා.මම හිතනවා බොහො දෙනෙක් එවනි දේට කැමති ඇති කියලා.මම ඔබට 2012 ලිපි ටික එවලා තිබෙනවා.ඔබට ලැබුනද.සිංහල යුනිකොඩි ගැන කියලා දුන්නට ස්තුතියි.මට දුර්ලභ තොරතුරැ ලැබුනහොත් ඔබට එවන්නමි.

    ReplyDelete
  4. @උදාර - ස්තූතියි! ඔබගේ ඉල්ලීම ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඉටුවී තිබේවි...

    ReplyDelete
  5. @``` Outsider``` - ස්තූතියි! මේ ලිපියේ ඉතිරි චිත්‍රපටි දෙකත් හැකියාවක් ලැබුනොත් බලන්න. ඒ දෙකම කාලයක් මතක හිටිවී. ඉදිරියේදිත් හොද චිත්‍රපටි ගැන දැනුවත් කරන්නම්...

    ReplyDelete
  6. සිල්වෙස්ටර් මස්සිනාගෙ "rocky" බ්ලූ රේ ක්ලෙක්ශන් එකක් මා ගාව තියනවා.(‍ෆිල්ම් 5ක්).ඔයා කියපු මේ මූවීස් ගැන කලින් දැනගෙන හිටියෙ නෑ.හොයාගෙන බලන්න ඕනෙ.

    ReplyDelete
  7. @Anonymous - නියමයි‍නේ*** තව කිහිපයක් තියෙනව වැඩි දෙනෙක් නොබලපු. ඒවත් ඉදිරියේදි කියන්නම්...

    ReplyDelete
  8. මූට ඉතින් ගන් එකකුයි බොම්බ දෙකකුයි දුන්නම වෙන මුකුත් ඔනේ නැහැ නේ ..

    ReplyDelete
  9. @Admin - ඔබ විනෝදය ගෙන දෙන අපුරු කියමනක් තමයි කිව්වේ. හැබැයි සමහර චිත්‍රපටි තියෙනවා මොහුගේ එයින් බැහැර වුන. ඒ ගැන ටිකක් දැන ගන්න පුළුවන් "රම්බෝ සිංදු කියයි!" ලිපිය බැළුවොත්...

    ReplyDelete