-->

Recent

Monday, May 30, 2011

අපේ කාලයේ ෂර්ලොක් හෝම්ස් වෘතාන්තය - CSI Miami & CSI New York (Crime Scene Investigation)

ෂර්ලොක් හෝම්ස් චිත්‍රපටියක
එම චරිතය නිරූපනය වූ
ආකාරය
ෂර්ලොක් හෝර්ම්ස්  කියන්නේ අපේ රටේ විතරක් නෙමෙයි ලෝකය පුරා සිටින බාල තරුණ මහළු බොහෝමයක් දෙනා දන්නා කියන චරිතයක්.  මේ මාතෘකාවට අනුව ෂර්ලොක් හෝම්ස් කියන නම භාවිතා කලේ ඔහු සම්බන්ධව සිටි ක්‍ෂෙත්‍රය පිළිබදව කියන්න හොදම තනි නාමය ලෙස එය වඩාත් උචිත නිසයි. ඔහු සම්බන්ධ ක්‍ෂෙත්‍රය තමයි රහස් පරීක්‍ෂක වෘත්තිය. හැබැයි මේක අර අපි බලල තියෙන James Bond - 007 වගේ සාක්කිකාරයොත් මරල දාන බොහොම ප්‍රචණ්ඩ වර්ගයේ රහස් පරීක්‍ෂක චරිතයක් නෙමෙයි. බොහොම සූක්‍ෂම විදියට තර්කානුකූල වගේම, මෙම අග්‍රගන්‍ය පුද්ගලයාගේ විනෝදාංශයක් වුන රසායන විද්‍යාවත් යම් යම් අවස්ථාවල තම අපරාධ විද්‍යාත්මක ගැටළු විසද ගන්න භාවිතා කල බොහොම සිත්ගන්නා සුළු චරිතවක් වගේම එම කතා මාලාවත් කිසිදු කම්මැලිකමකින් තොරව කියවන්න හැකි කතා සමූහයක්.

අද අපි සිනමාව සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තුවන්නේත් මෙවැනි සූක්‍ෂම විදියට අපරාධ විසදන නූතන කාලයේ කණ්ඩායමක් පිළිබදව නිර්මාණයවුන ‍රූපවාහිනී ටෙලි නාට්‍ය මාලාවක් පිළිබදවයි. මෙම ටෙලි නාට්‍ය මාලාව තිරගත වෙන්නේ නම් ඇමරිකාවේ වුනත් අද අපේ රටෙත් විවිද සන්නිවේදන ආයතන මගින් ලබා දෙන බටහිර රූපවාහිනි චැනල ඔස්සේ අපේ රටේදිත් මෙම කතා මාලාව දැක බලා ගන්න හැකියාව තියෙනවා. මෙම ටෙලි නාට්‍ය රහස්පරීක්‍ෂක කතා මාලාවන් තමයි CSI Miami සහ CSI New York


මෙම නම් වල හැටියටම ඒ රටේ ‍ජනපදයන් වල ප්‍රධාන නගරවන මියාමි හා නිව් යෝර්ක් පොලිසි සේවයේ මිනීමැරුම් වගේ අපරාධ හා සම්බණ්ධව ක්‍රියාකරන කණ්ඩායම හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් වටා ගෙතුන එක්වරකට කොටස් 24-25 ක් වගේ තියෙන ටෙලි නාට්‍ය මාලාවක් වන අතර එයට පෙර නිර්මාණය වූ තවත් නගරයක මෙවැනිම කණ්ඩායමක් වටා ගෙතුන කතා මාලාවකුත් තියෙනවා. එය තමයි CSI Las Vegas. හැබැයි එය ගැන මෙම ලිපියේදී සදහන් කරන්නට බලාපොරොත්තුනොවෙන්නේ එය මෙම අපගේ මාතෘකාවට අදාල කතා මාලාවන් දෙක තරම් සිත් ඇදගන්නා සුළු බවක් නොතිබුන නිසායි‍. ඒත් ඒ මගේ හැගීම වුනාට සමහර විට එයත් ඔබට සිත් ගන්න ඉඩ තිබිය හැකි නිසා තමයි එය ගැනත් සුළුවෙන් හෝ සදහනක් කරනු ලැබුවේ.

කෙසේ වෙතත් මෙම කතා මාලාවන් සියල්ලේම යම් සමාන බවක්, ඒ කියන්නේ ඒ ඒ කණ්ඩායම් වල තනතුරු හා ක්‍රියාකාරකම්වල තියෙනවා වගේම ඔවුන් සිය තර්කානුකූලබාවය මෙන්ම රසායණ විද්‍යාව, භෞතික විද්‍යාව වගේම නවීන අවිආයුද සම්බන්ධ විමර්ශනයන් හා පරිගණකගත අතිනවීන තාක්‍ෂන ක්‍රමවේදයන් අපරාධ විසදීමේ ක්‍රියාවලියේදී යොදාගන්නා ආකාරය බොහොම සිත් ඇද ගන්න සුළු ලෙස ඉදිරිපත් කරනවා දැක ගන්නට පුළුවන්.  ඒ වගේම ඒ ඒ චරිතවලට මුහුණ පාන්නට සිදුවන සිදුවීම්ද විටින් විට කතා මාලාවේ අන්තර්ගතයට හානියක් නොවන ලෙස දක්වා තියෙන අයුරුද දැක ගන්නට හැකියි. හැබැයි සමහර අවස්ථාවල අපේ මෙගා ටෙලිනාට්‍ය වල මෙන් කතාව දිග්ගස්සා ගැනීමේ අරමුණින් අපරාධකරුවන් හසුකර ගැනීමට ඇති තරම් හේතු සාක්‍ෂි තිබියදී දුර්වල ලෙස එම දවසට අදාල කතාව තවත් දිගට ගෙනියන අවස්ථාද නැතුවා නොවේ. ඒවගේම විශේෂයෙන් CSI New York කතාවේදී ජීව අපරාධකරුවන් සම්බන්ධයෙන් වගේම සමහර දිනවල විකාශනය වූ ටෙලිනාට්‍යයේ අජීව අපරාධකරුවන් ඒ කියන්නේ පරිගණක ක්‍රීඩා ඇසුරෙන් නිර්මාණය වන අපරාධකරුවන් සම්බන්ධයෙන් නිර්මාණය කර ඇති අතාත්වික කතා තේමාවන්ද කලාතුරකින් දැක ගැනීමට හැකිවූ තවත් කිව යුතුයි. 

කොහොමවුනත් ලිපිය අවසාන් කරමින් කිවයුතු දෙයක් තියෙනවා. ඒ තමයි යම් යම් දුර්වලතා තිබුනත් සමස්ථයක් විදියට හොද බටහිර ටෙලි නාට්‍ය මාලාවක්. මීට පෙර දකින්නට නොලැබුන තාක්‍ෂනික දේවල් වගේම, ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ තරම් නැතත් තර්කානුකූල ගැටළු නිරාකරණයක්ද නිරූපනය වන බවද ඔබට කිවයුතුයි.

17 comments:

  1. මම CSI බලල තියෙන්නේ තැනින් තැනින් , මම ඊට වඩා කැමති X files වලට මේ දවස් වල මුල ඉඳලාම බලාගෙන යනව . 4/5/6 සීසන් තුනේ නම් අතරමැදින් ඔබ්බපු විකාර රූපි කතාත් තියනව , තවම මම එතනින් එහාට පිලිවෙලකට බලල නැහැ

    ReplyDelete
  2. මාත් බලලා තියන ඒවගෙන් කැමතිම x files වලට. CSI නම් බලලා නැත.

    ReplyDelete
  3. @දිලීප - ස්තූතිය! හොදයි ඕකත් බලන්නම්කෝ...

    ReplyDelete
  4. මමත් මේක බලලා නෑ.mentalist නම් බලලා තියනව ඒකත් මෙ කියන ජාතියෙ 1ක් තමා බලන්න පුලුවන්නම්. නියමයි.(දිනෙශ් අය්යා පුලුවන්නම් පොඩි උදව්වක් කරන්න පුලුවන්ද ඉර හද යට ‍ෆිල්ම් 1ක බාගන්න තැනක් දන්නවනම් කියනවද)

    ReplyDelete
  5. ඕක ලඟදි මොකක් හරි චැනල් එකක පෙන්නුවා. ''නොට් සෝ ඉන්ටරස්ට් ''නිසා බැලුනේ නැහැ. දැන් නම් දැක්කොත් බලන්න ඕන. ෂර්ලොක් හෝම්ස් ..චන්දන මෙන්ඩිස් කතා පනස් දෙකම පරිවර්තනය කළා. ඊට පස්සේ එයාම ආතර් කොනන් ඩොයිල් වෙලා තව කතා ටිකකුත් ලිව්වා. ඒ 52 +++ සේරම මේ දැනුත් බැබලි බැබලි පොත් රාක්කෙ උඩ.

    ලඟදි ආපු ෆිල්ම් එක එච්චර ලස්සන නැහැ. ලෝක ප්‍රකට පොත් ෆිල්ම් නොකර ඒවාට පාඩුවේ ඉන්න දෙනවනම් හොඳයි.

    ReplyDelete
  6. X Files ඔය අච්චුවේම නේද?මම ආසාවෙන්ම බලපු සීරීස් එකක්...තාමත් ඒකට ආසයි....Alias,Supernatural දෙකත් සාමාන්‍යයෙන් හොඳයි කියලා කියන්න පුළුවන්....

    ReplyDelete
  7. @Theekshana & ශාන්..... - Xfiles ඇරෙන්න අනික් ඒවා නම් තවම මම බලලා නැහැ...

    ReplyDelete
  8. @දිලීප - ඔව් එක දිගටම CSI Series බලන කොට නම් ඒකාකාරී බවක් තියෙනවා තමයි. ස්තූතියි FRINGE ගැන දැනුවත් කලාට...

    ReplyDelete
  9. @Bindi - මමත් චන්දන මෙන්ඩිස් මහතා විසින් පරිවර්ථනය කරන ලද ෂර්ලොක් හෝම්ස් පොත් සියල්ලම කියවන ලද කෙනෙක් තමයි. ඔබ කියන එක මමත් පිළිගන්නවා. මෑතක නිෂ්පාදනය වුන ෂර්ලොක් හෝම්ස් චිත්‍රපටියේ සිටියේ අප දන්නා හෝම්ස් නොවෙයි. එය සම්පූර්ණයෙන්ම විකෘති කරන ලද්දක්. ඒ වගේම මම මීට කලින් නිපදවන ලද ෂර්ලොක් හෝම්ස් චිත්‍රපටිවලදිත් දුටු දෙයක් තමයි අපි ෂර්ලොක් හෝම්ස් පොත කියවල චිත්තරූප මවා ගන්න විට අත්විදින ස්වාභාවිකත්වය එම චිත්‍රපටිවලදී ගිලිහී ගොස් තිබෙන බව‍‍‍‍...

    ReplyDelete
  10. මම නම් බලපු එව්වගෙන් කැමතිම Dexter
    http://en.wikipedia.org/wiki/Dexter_%28TV_series%29

    ReplyDelete
  11. Numb3rs kiyana TV serius ekath niyamai,

    Everything is numbers

    ReplyDelete
  12. @gigamx & Gayan Balasooriya - ස්තූතියි! ඔබලා දැනුවත් කරපු Teledrama ඉදිරියේදී සොයාගෙන බලන්න ඕන...

    ReplyDelete
  13. මාත් චන්දන මෙන්ඩිස්ගේ පොත් සෙට් එකම බලලා තියෙනවා. චාන්ස් එකක් ලැබුණොත් ඕකත් බලන්නම්. දැනුවත් කළාට තෑන්ක්ස්.

    ReplyDelete
  14. @උදාර - අවශ්‍යනම් මෙම ටෙලිනාට්‍ය download කරගන්න හැකි ස්ථාන රැසක් අන්තර්ජාලයේ තිබෙනවා...

    ReplyDelete
  15. මාත් වැඩිය කැමති x ෆයිල් වලටයි. හැබැයි ෂර්ලොක් හෝම්ස් ගෙ නම් පොත් වලට තමා වැඩියෙ කැමති. ෆිල්ම් නම් කක්ක.
    ඇයි අර අගතා ක්‍රිස්ටිගෙ රහස් පරීක්ෂක කතා ... ඒවත් මරුනෙ.

    ReplyDelete
  16. @kumaraya - ඔව් මමත් අගතා ක්‍රිස්ටිගේ කතා හොද බව අහලා තියෙනවා. හැබැයි අවාසනාවට තවම එකක්වත් කියවන්න ලැබිලා නම් නැහැ...

    ReplyDelete
  17. ඇයි ජේම්ස් හැඩ්ලි. අපේ ගෙදර තියෙනවා පෝලිමක්. එක ගානට තියල ලස්සනට. ඔන්න කතාව පොත් පැත්තට යන නිසා මට කට පියන් ඉන්න බැරි වුණා. අයි අර ලඟදි ආපු බොන්ඩ් ෆිල්ම් සෙට් එකත් නරක නැහැ. මට පොඩි ප්‍රශ්නයක්. අයි දිනේෂ්ගේ මේ වටිනා සයිට් එක ගැණු ළමයි නොබලන්නේ.

    ReplyDelete