-->

Recent

Monday, May 23, 2011

අපි කිසිදා බලාපොරොත්තුනොවන පණිවිඩයක් රැගත් අතීත වෙළද දැන්වීමක් - Days when the doctors suggested to smoke!

මෙය ලියන මා කිසිම දිනෙක දුම්වැටියක් පානය කර නොමැති අතර වර්තමානයේ තරුණ පරපුරේ ‍බොහෝදෙනෙක් මෙම උවදුරෙන් ඈත්වී සිටිම සතුටට කාරණයක්. ඒවගේම ලෝකයේ බොහෝ දියුණු රටවල දුම්පානව ශීඝ‍්‍රයෙන් අඩුවී තිබීම මෙන්ම අපේ ‍ර‍ටේද ප්‍රසිද්ධ ස්ථාන වල දුම් පානයට වැට කඩොළු බැද තිබීම ප්‍රශංසනීය කාරණයක්. දුම්වැටි නිසා එය පානය කරන්නා පමනක් නොව එය අසලින් සිටින්නාටද හානියක් වීම නිසා මෙවැනි නීති පැනවීම අතිශයින්ම වැදගත්. 

මේ මාතෘකාවට අදාල වෙළද දැන්වීම 1950 දශකයේ පල වෙලා තියෙන්නේ ඇමරිකාවේ අලෙවි වුන CAMELS කියන දුම් වැටි වර්ගය සම්බන්ධයෙන් හා තවත් දුම්වැටි වර්ග කිහිපයක් සම්බන්ධයෙන්. සාමාන්‍යයෙන් දශක කිහිපයකට පෙර දුම්වැටි ප්‍රචාරණයට නළු නිලියන් හෝ සමාජයේ ජනප්‍රිය චරිත යොදා ගැනීම සුලභ කරුණක් වුනා. සමහර නළුවන් දුම්වැටි සමාගම් වල අවශ්‍යතාමත ඒ කාලයේ ඇතැම් සිනමා නිර්මාණවල ඉවක් බවක් නොමැතිව දුම් පානය කරනු ටිකක් සැලකිල්ලෙන් චිත්‍රපටිය නැරඹුවානම් දැක ගන්නත් හැකියාව තිබූ බව මා කලකට ඉහත මේ සම්බන්ධයෙන් කියවූ පුවත් පත් ලිපියක දුටු අතර කණගාටුවට කාරණයක් වන්නේ අතිවිශාල මුදල් සම්භාරයකට කෑදර කමින් මෙසේ දුම් පානය නිසා ප්‍රචාරණයට හවුල් වූ බටහිර කලාකරුවන් කිහිපදෙනෙකුම පිළිකා හෝ වෙනයම් භයානක රෝගාබාද වලට ලක්වීමයි.

මේ ලිපියේ දැක්වෙන අප තරමක් කම්පනයට ලක්වන කරුණක් වන්නේ මෙම කියපු 50 දශකයේ දුම්වැටි ප්‍රචාරණයට උතුම් සේවයක් වන වෛද්‍ය වෘත්තිය පවා යොදවා ගෙන තිබීමයි. එපමනක් නොව විද්‍යාඥයන්, ඉංජිනේරුවන්, අභ්‍යවකාශගාමීන් වැනි වැදගත් වෘත්තිකයන් පමණක් නොව කුඩා දරුවන් පවා මෙම දුම්වැටි වෙලද ප්‍රචාරනයට යොදවාගෙන තිබුනි. බොහෝවිට මේ පින්තූර ඔබ දැක නොමැති ඇති. බලන්න ඒවායෙන් දෙන වැරදි ආදර්ශය...
























වර්තමානයේ නම් මෙම දැන්වීම් වලින් කෙරෙන ප්‍රචාරනයට රැ‍වටෙන්නන් ඉතාම සුළු පිරිසක් වීම අස්වැසිල්ලට කාරණයක්. කොහොමවුනත් ලිපිය අවසන් කරමින් මම ඔබට කියන්නේ,ඔබ දුම්පානය නොකරන්නෙක් නම් කිසිදා දුම්පානය නොකරන්න, දුම්පානය කරන්නෙක් නම් කෙසේ හෝ සිතට ශක්තිය ගෙන දුම්පානයෙන් අත්මිදෙන්න. එය කවුරුත් දන්නා පරිදි ඔබගේ, ඔබගේ දරුවන්ගේ, සහ ඔබ ආදරය කරන  අයගේ සෞඛ්‍යයට වැදගත් දෙයක් මෙන්ම ඔබගේ ආර්ථිකයටද එය අතිශයින්ම වැදගත් වේ.

අවවාදයයි : මෙම ලිපිය කිසිදු ආකරයෙන් දුම්වැටි ප්‍රචාරන දැන්වීමක් හෝ එයට අනුබල සපයන්නක් නොවන බව අවධාරණයෙන් ප්‍රකාශ කරමි.

14 comments:

  1. කියන්න කනගාටුයි . මෙහෙ නම් දුම්පානය තදින්ම.කෙරෙනවා. නැගෙනහිර ආසියානු රටවල් තවමත් අපි තරම් දුම් පානයෙන් මිදී නැහැ. යුරෝපිය ගැනුත් ඉන්නවා මම දන්න හොඳටම දුම්බොන. හැමදාම ලංකාවේ අඩුපාඩුම දකින අපිට ඔන්න ලංකාව ගැන ආඩම්බර වෙන්න කරුණක්. මම පොඩි කාලේ ඉඳන් දුම්පානයට ඕනෑම තැනක ඕනෑම කෙනෙකුට වරද පෙන්වන්න පසුබට වෙන්නේ නැහැ. අනවශ්‍යම දෙයක් .

    ReplyDelete
  2. @Bindi- ඔව් ලංකාවේ මේ නරක පුරුද්දෙන් මිදෙන්නට බොහෝ දුරට හැකියාව තිබීම ගැන සතුටු විය යුතුයි. තවත් ‍කාරණයක් තමයි සමහර රටවල දුම්පානය පැවතීමට, ඔය හවානා සුරුට්ටු එහෙම බොන අයගේ සංගම් පවා තියෙනවා. ඉතින් ඒවායෙන් සිගරට් කෙසේ වෙතත් සුරුට්ටු බීම හරි දිරිමත් කරනවානේ...

    ReplyDelete
  3. @ජයශ්‍රී - ස්තූතියි!

    ReplyDelete
  4. දුර්ලභ ෆොටෝ ටිකක් අපිත් එක්ක බෙදා ගත්තට තෑන්ක්ස් දිනේශ්.

    ReplyDelete
  5. හොඳ හෙළිදරවුවක්..!

    ReplyDelete
  6. වටිනා පින්තූර ටිකක් රැගත් පෝස්ට් එකක්....කොහෙන්ද අප්පා මේව හොයා ගත්තේ......

    http://www.facebook.com/pages/%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA/184772704872869

    ReplyDelete
  7. @උදාර,ඉන්දික & මගේ සයිබර් නිවහන - ස්තූතියි! වෙනත් ලිපියකට අවශ්‍ය කරුණු සෙවීමේදී අහම්බෙන් තමයි මෙම පින්තූර ටික ලැබුනේ...

    ReplyDelete
  8. ඔය ෆොටෝ වල ඉන්න අය දැන් හොයා ගත්තා නම් දුම් පානයේ ප්‍රතිවිපාක ගැන පෝස්ටර් ටිකක් හදාගන්න තිබුනා. Anyway a good and rare collection.

    ReplyDelete
  9. පිලිකුල්සහගතම දැන්වීම කුඩා දරුවකු යොදාගෙන ඇති 11 වැන්නයි. සමහරවිට ඒ කාලයේදී මෙය පිළිකාවලට සහ වෙනත් බරපතල උපද්‍රවයන්ට හේතුවන වනබව නොදැන සිටින්නට ඇති. කෙසේ වුවත් අපේ රටේ පවා මීට කලකට ඉහත දුම් පානය විලාසිතාවක් හෝ පව්රුෂ ලක්ෂණයක් ලෙස සැලකුණා. අප කුඩා දිනවල ප්‍රසිද්ධ ස්ථානයක දුම් පානය කරන්නෙකුට එපා කීමට හැකියාවක් තිබුනේ නැහැ. එය ඔහුගේ පුද්ගලික නිදහසක් වැනියි.

    මේ වෙනසට අප රටේ බුද්ධිමත් තරුණ පරපුර වෙත ස්තුතිය පල කල යුතුයි. ඇතැම් සංවිධාන ගෙන ගිය සාර්ථක මනෝ විද්‍යාත්මක මෙහෙයුම් ද මීට හේතු වන්නට ඇති.
    -Asanga Chandrawansa

    ReplyDelete
  10. @Asanga Chandrawansa - ඔබ කියන දේ ඇත්ත. කුඩා දරුවන් මේ ‍වගේ දේවල් වලට යොදා ගැනීම නින්දිත ක්‍රියාවක් වගේම ඒ කාලයේ මේ පුරුද්ද කැපී පෙනෙන දෙයක්ද වූ බව සදහන් වෙනවා...

    ReplyDelete
  11. තව දෙයක් . මම ඒ දවස් වල පාසලේ ADIC සංගමයේ හිටිය. ඉස්කෝලේ වැඩත් පාඩු කරගෙන තමයි ඕව කලේ. මහගමසේකරගේ පින්තුරේ දාල පෝස්ටරයක් හැදුව. පස්සේ ගුරුතුමියක් කියා දුන්න ප්‍රසිද්ධ පුද්ගල නාම එහෙම භාවිත කරන්න බැරි වග. වෙන චිත්‍රයක් ඇඳලා මම තනියම ලස්සන පත්‍රිකාවක් හැදුවා. ඒක රැස්වීමට ආපු ළමයින්ට බෙදා දුන්න. අපි කෙල්ලෝ දුම් බොන්නවත් බියර් බොන්නවත් පෙලබෙන්නේ නැති බව දැනන් හිටියත් පුදුම උනන්දුවකින් ඔය වැඩ කළහැටි මට මතක් වුනා ඔබේ ලිපියෙන්. අනාගත ස්වාමි පුරුෂයෝ ගලව ගන්න වෙන්න ඇති.

    ReplyDelete
  12. @Bindi - ඔව් දුම්වැටි හා මත්පැන් කියන්නේ ලංකාවේ පවුල් අවුල් කරන දේවල් තමයි...

    ReplyDelete