-->

Recent

Thursday, January 27, 2011

සුන්දර ටජ් මහලේ නොදත් තතු - සිව්වන කොටස

පළමු කොටසට ප්‍රවේශය     - http://sathsamudura.blogspot.com/2011/01/blog-post_26.html
දෙවන කොටසට ප්‍රවේශය   - http://sathsamudura.blogspot.com/2011/01/blog-post_5875.html
තෙවන කොටසට ප්‍රවේශය  - http://sathsamudura.blogspot.com/2011/01/blog-post_27.html

එසේම බිම්මහලට පිවිසෙන පිය ගැ‍ට පෙලවල් වල ඇතුලත කෙලවරද සාජෙහාන් රජු දවස සිටම බාහිර අයට වසා ඇත.
(බිම්මහලට ප්‍රවේශ වන තවත් ස්ථානයක් වසා ඇති අයුරු)

(‍වසා ඇති කාමර සහ සැගවී ඇති බිම්මහල දැක්වෙන ටජ්මහලේ හරස්කඩ සැලසුම් පිටපතක් - මෙය 1855 දී J Fergusson මහතා විසින් රචිත ග්‍රන්ථයකින් ගන්නා ලද්දකි)
(‍වසා ඇති කාමර වලට පිටතින් යමුනා ගංඟා නදී තෙර සිට දිස්වන අයුරු)
තව වැදගත්ම කරුණක් තමයි අග්‍රාවේම පිහිටා තියෙන රතු බලකොටුවේ ශාලාවක කුඩා දර්පණ කැබලි ටජ්මහල පරාවර්තනය වෙලා දිස්වනසේ සවිකර ඇත. සාජෙහාන් රජුගේ ජීවිතයේ අවසන් වසර අටක පමණ කාලය මෙම බලකොටුවේ සිරකරුවකු ලෙස ගත කරඇති අතර ඔහු සිර කිරීමට අණ දී ඇත්තේ ඔහුගේම පුත් කුමරු වන Aurangzeb විසින්මයි. මෙසේ සිරකරුවකුලෙස ගත කරන සාජෙහාන් පෙර කී දර්පණ කැබලි තුලින් ටජ්මහල දෙස බලමින්, තම මියගිය ආදරණිය බිසවගේ නම මුමුනමින් සිටි බවට ප්‍රබන්ධකරුවන් ගොතා ඇති බවයි පැවසෙන්නේ. මෙය තවත් මිත්‍යාවක් ලෙස හදුන්වන්නේ, සා‍ජෙහාන් සිරකරුවෙකු නම් ඔහුට ලබා දෙන්නේ බලකොටුවේ බිම්මහලේ සිර කුටියක් මිස, සැප පහසු ඉහල මාලයක ස්ථානයක් නොවන බවයි. දෙවනුව කියන්න තියෙන හාස්‍ය ජනකම කාරණය නම් මෙම දර්පණ කැබලි මේ කියන ආකාරයට සාජෙහාන් හෝ ඔහුගේ අනුප්‍රාප්තික Aurangzeb විසින් සවිකරවන ලද ඒවා නොවයි. ඒවා  1930 දී ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ, කාර්යය සහායකයකු වූ  Insha Allah Khan විසින්, රතුබලකොටුව නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට ටජ්මහල පරාවර්ථනය වී පෙනෙන අයුරු, රතු බලකොටුවේ සිට දැක බලා ගැනීමට සවිකල ඒවායි. තෙවනුව, මෙසේ සිරදිවියක් ගෙවන  මහළු සාජෙහාන්ට අස්ථි වල ආබාධ හා ඇස්වල ආබාධ තිබූ බවට පැවසේ. එවන් බාධ ඇති අයෙක් තම ඇස් වෙහෙසමින්, බෙල්ල වේදනාවට පත් කරමින් කුඩා දර්පණ කැබලි තුලින් බැලීමට දුෂ්කර ක්‍රියා කරනු ඇත්දැයි සාධාරණ සැකමතුවන බවත්, මෙ‍ලෙස බොරු පවසමින්, සත්‍යතත්වය වසන් කර ජනතාව මුලා කරන බවද මෙම ඉතිහාසඥයා පවසයි.
 
(දකුණු පස ප්‍රවේශයේ සිට ටජ්මහල දිස්වන අයුරු)


ටජ්මහලේ ගිනිකොන දෙසින් පෞරානික ගව මඩුවක් දකින්නට ලැබේ. එවැන්නක් හින්දු‍ දෙවොලකට මිස ඉස්ලාමීය සොහොන් ගැබකට නොගැලපෙනබවක් ද සැලකිය හැකිය.

ටජ්මහල් ගොඩනැගිලි සංකිර්ණයම ගත්විට එහි කාමර 400 – 500 අතර ප්‍රමාණයක් තිබූ බව පැවසෙනවා. මේවායේ මිනිසුන් වාසය කරන්නට ඇතැයි සැලකෙන අතර, මෙම ටජ්මහල සොහොන් භුමියක් නම් එවැනි තත්වයක් පවතිනු ඇත්දැයි තවත් ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා.

එසේම සාජෙහාන් රජුගේ රාජ්‍ය කාලය සාමකාමී, සමෘධිමත් ස්වර්ණමය යුගයක් ලෙස හා ඔහු විසින් බොහෝ ගොඩනැගිලි තැනවූ බවට සහ ශාස්ත්‍රීය කටයුතු සදහා අනුග්‍රහය දැක්වූ බවට ඉතිහාස ග්‍රන්ථවල දැක්වෙන කරුණු මිත්‍යාවක්බවත්, ඔහු විසින් එකදු ගොඩනැගිල්ලක් හෝ තැනීමක් සිදු නොකල බව සහ ඔහුගේ රාජ්‍ය කාලය අවුල් වියවුල් පිරී පැවති කාල පරිච්ඡේදයක් බවද පැවසේ.

පසුවදන

මම දැන් මෙම දීර්ඝ බ්ලොග් සටහන අවසන් කිරීමට බලාපොරොත්තුවෙමි. මා මෙහි සදහන් කල කරුණු කිසිවක් මගේ ස්වාධීන දත්ත නොවන අතර, ඒවා Shri. P. N. Oak මහතාගේ Tajmahal : The True Story නම් කෘතියෙන් මෙම බ්ලොග් සටහනට, වාණිජමය පරමාර්ථයකින් හෝ කිසිවකු අපහසුතාවයකට පත්කිරීමේ අභිලාශයකින් තොරව සංෂිප්ත ලෙස සිංහල බසට පරිවර්ථනය පමණක් සිදුකල බව තවදුරටත් තරයේ ප්‍රකාශ කරමි. සමහර කරුණු පරිවර්ථනය කරන්නට යෑමේදී මුල් අදහස‍ට හාත් පසින්ම වෙනස් අදහසක් පළවේදැයි නැගුන සැකය නිසා, එවැනි කරුණු පරිවර්ථනය කිරීමෙන් වැලකීමටද සිදුවූ බව පවසමි.එසේම මම පුරාවිද්‍යාව පිළිබදව හෝ ඉතිහාසය ගැන හදාරා නොමැතිබව සහ ටජ්මහල සියසින් දැක හෝ භාරත දේශයට මේ වනතෙක් ගොස් නොමැතිබවත් අන්තර්ජාලයේ විවිද සැගවුනු කරුණු ගවේශනයේ ප්‍රතිළුලයක් ලෙස මෙම සටහන සැකසූ බවද වැඩිදුරටත් පවසමි. එසේම පරිවර්ථන කාර්යයේදී මුල් ලේඛණයේ තොරතුරු කිසිවක් හිතාමතා විකෘති නොකරන ලද බවද පවසන අතරම, ඔබහ‍ට වැඩිදුර අධ්‍යයනය සදහා මෙම මුල් ලේඛණයේ සහ මෙයට ඇමුණූ ඡායාරූප ලබාගත් වෙබ් අඩවි වල ලිපිනයන්ද මේ සමග දක්වා ඇත. http://www.hindunet.org/hindu_history/modern/taj_oak.html
ඡායාරූප බහුතරයක් V. S. Godbole මහතා විසින් ගනු ලැබූ ඒවා වන අතර,
http://www.stephen-knapp.com/was_the_taj_mahal_a_vedic_temple.htm වෙබ් අඩවියෙන් ඒවා ලබා ගන්නා ලදි.
(Mr. V. S. Godbole - http://satyashodh.com/veer_savarkar_remmembered_in_england.htm )
මීට අමතරව P. N. Oak මහතා විසින් රචිත “The Taj Mahal is a Temple Palace” සහ “Some Missing Chapter of World History” කෘති පරිශීලනයෙන්ද ඔබට වැඩි දුර විස්තර ලබාගත හැකියි.

එසේම V. S. Godbole මහතා ගේ TAJ MAHAL AND THE GREAT BRITISH CONSPIRACY : Part I & Part II කෘතීන්ද මේ පීළිබද උනන්දුවක් දක්වන්නකුට වැදගත් වේ. ඒවායේ වෙබ් අඩවි ලිපිනයන් පහත දැක්වේ.
http://www.hindunet.org/hindu_history/modern/godbole_taj1.html  
http://www.hindunet.org/hindu_history/modern/godbole_taj2.html

දැන් මම මගේ  අදහස් දක්වන්නම් . මේක තමයි මම බ්ලොග් ලියන්න පටන් ගත්තට පස්සේ ලියපු අතලොස්සක් වූ බ්ලොග් සටහන් වලින් දිර්ඝම සටහනයි (මම දැන් මේ ලියන දේ ලියන්නේ මෙහි නමවන පිටුවේ. ඒ ඡායාරූප නැතුව ලියපු සටහන පමණක්). සමහරවිට මේක කියවන කොට ඔබ ටිකක් වෙහෙසට පත්වුනත් යම් වැදගත්කමක් තිබෙන නිසා ඔබ මා සමග අමනාප නොවෙයි කියලත් හිතෙනවා.

කොහොමවුනත් අවසානයේ මට කියන්න තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ ටජ්මහල සාජෙහාන් රජු හෝ වෙන කවුරුන් විසින් තැනුවත් ඒක උත්කෘෂ්ඨ නිර්මාණයක්. මේකෙත් විවිද අඩුපාඩු, මතිමතාන්තර ඇති. ඒවුනත් කලා නිර්මාණයක් කිසියම් ජාතියකට, ආගමකට හෝ ජනවර්ගවකට තනි අයිතියක් පවරා දීමට ප්‍රායෝගික හැකියාවක් නැතිබවයි මගේ හැගීම. මොකද මේක ගොඩනංවන්න විවිද තරාතිරම්වල මිනිස්සු, විවිද ජාතීන්, විවිද ආගමික මත දරන්නන් හවුල්වෙන්න ඇති. එතනදී තමන් තුල කාලයක් පුරා තමන්ගේ සංස්කෘතියට ආවේණික ලක්ෂන සමහර විට එම නිර්මාණ ශිල්පීන් දැනුවත්ව හෝ නොදැනුවත්නම ටජ්මහල සමග මුසුවෙලා මේවගේ විචිත්රනත්වයක් ඇති කරන්න හේතුවක් වන්නත් ඇති. ඒවත් සැලකිල්ලට ගත්තහම ටජ්මහල යුනෙස්කෝව නම් කලත් නැතත් ලෝක උරුමයක් බව ඔබ සෑම දෙනාම මා සමග එකඟ‍ වනු ඇතැයි මට සිතේ. මම මෙම ලිපිය අවසන් කරන මොහොතේ ඔබට දැක ගැනීමට අන්තර්ජාලයෙන් ලබාගත් තවත් දුර්ලභ ඡායාරූප කිහිපයක් මෙහි පළ කරන්නම්.

(ටජ්මහල සිත්තර තෙලිතුඩට හසුවූ අයුරු දිස්වන පැරණි සිතුවමක්)


(ඉහත සේයාරූ දෙකෙහිම දැක්වෙන්නේ සුප්‍රකට සොහොන් ගැබ වට කොට ඇති තිරයේ කැටයම්)
(ටජ් මහල තවත් ගොඩනැගිල්ලක් තුලින් දිස්වන අයුරු)



(ඉහත සේයාරූ තුනේම දැක්වෙන්නේ ටජ් මහල සඳ එළිය හා මුසුවී ගෙන දෙන චමත්කාරයයි)











15 comments:

  1. @ මෝල්ඩර් ෆයිල්ස් - ස්තූතියි මල්ලී. ඉදිරියටත් හොද හොද ලිපි සෙට් එකකුත් බලාපොරොත්තුවන්න. සත් සමුදර ඔබගේ සහය සැමදා අපේක්‍ෂාකරනවා.

    ReplyDelete
  2. @ Outsider - මට ඔබට ප්‍රතිචාර දැක්වීමට පමා වීම ගැන සමාවෙන්න. ඇත්තටම මේ ලිපි හතර සෑහෙන්න දිග නිසා ඒක කියවන්න සෑහෙන්න කාලය ගතවෙන්නත් ඇති. ඔබගේ කමෙන්ටුවෙන් මා තව තවත් ධෛර්යමත් වුනා. ඉදිරියේදිත් තව තව අදහස් ඔබෙන් බලාපොරොත්තුවෙනවා. බොහෝමයක්ම ස්තූතීයි.

    ReplyDelete
  3. මම ඔබේ ලිපි හතරම ඉතාම උනන්දුවෙන් කියෙව්වා.මාව වෙනත් අන්තයකට ඔබේ ලිපි පෙළ ‍රැගෙන ගියා.ඉන්දීය ඉතිහාසයට අනුව සාජහාන් සහ අවුරන්සෙබ් එතරම් සාර්ථක පාලකයො නෙවෙයි.ඔවුන් ඉන්දීය ඉතිහාසයට ප්‍රමාණාත්මක දායකත්වයක් දුන්නු රජවරු නෙවෙයි.මුස්ලිම්-හින්දු ගැ‍ටුම අතීතයේ වගේම වර්තමාන ඉන්දියාවෙත් දැඩිව තියෙනවා.මේ නිසාම ඉන්දියානු ආණ්ඩුව යම් ආගමික ප්‍රශ්නයක් ඇති වීම වලක්වන්න පැ‍රැණි සිතුවම් ආවරණය කළා කියන එක සාමාන්‍යයි.ඊට වඩා වැඩි දෙයක් වුණත් ඔවුන් ඒ වෙනුවෙන් කරාවි.
    ඔබේ ලිපිය ඉතාමත් වටිනවා.ස්තූතියි මෙවන් දැනුමක් ලබා දුන්නට.

    ReplyDelete
  4. @ කාංචනා - ස්තූතියි! ඉදිරියේදීත් මේ වගේ වෙනස් කෝණයකින් බලන ලිපි දාන්න හිතාගෙන ඉන්නවා.

    ReplyDelete
  5. උනන්දුවෙන් කියවූ ලිපි පෙළක්.... බොහොම ස්තූතියි මේ වගේ දේවල් අප සමග බෙදා හදා ගත්තාට...

    ReplyDelete
  6. @Dakshina - ඔබටත් මම ස්තූතිවන්ත වෙනවා මේවගේ දීරඝ ලිපියක් කියවන්න කාලය යෙදවීම ගැනත් ඒ ගැන වටිනාකම දැන සිටීමත් ගැන. තව මෙවැනි දුලබ දේ පිළිබද ඉදිරියේදිත් සටහන් තබන්න බලාපොරොත්තුවන අතරම නැවතත් සත් සමුදුරට පැමිනෙන ලෙස ඉල්ලා සිටිනවා.

    ReplyDelete
  7. ම් මේක බොහොම සාමාන්‍යයි.... ඒ මොකද මොන රටෙත් ඕකුං ඔය දේ කරනව කරලත් තියනවා. තව ඉස්සරහට අපේ රටේ චෛත්‍ය වල කොත මුදුනටත් හඳපලුව අමුනයි.

    ReplyDelete
  8. @Anonymous - ඔව්, සමහරවිට එහෙම වෙන්නත් ඉඩතියෙනවා...

    ReplyDelete
  9. මම ගොඩාක් ආසවෙන් ලිපිපෙලම කියෙව්වා. ඔබට බොහෝම ස්තුතියි මෙවැනි කැපකිරිමක් කරගෙන මෙම ලිපි ලිවිම ගැන. ඉදිරියටත් ලියන්න. අපි කියවනවා.

    (ප.ලි : පුලුවනිනම් පිටසක්වල ජිවින් ගැනත් ලිපියක් ලියන්න)

    ReplyDelete
  10. @Ami - ස්තූතියි! Ami, ඔබගේ ඉල්ලීමත් (පිටසක්වල ජීවීන් ගැන) නුදුරේදීම ඉටුවී තිබෙනු ඔබට දැකගත හැකිවේවි. සත් සමුදුර යනු වැඩි වශයෙන් ගවේෂනාත්මක බ්ලොග් අඩවියක් ලෙස මට හැගෙන නිසා එය කියවීමට එන මිතුරන්ට සෑහිමකට පත්වන ලෙස පවත්වාගෙන යායුතුයි. ඒ නිසා වෙහෙසකාරී වුවත් යම් කැපවීමක් මා හැකි අයුරින් කිරීමට උත්සාහ දරනවා. සත් සමුදුර ඔබලාගේ මිතුරු මිතුරියන් අතරටත් අරගෙන යන්න. එවිට තව නව අදහස් වලින් එය පිරී තවත් සත් සමුදුරේ විශය පථය පුළුල් වේවි...

    ReplyDelete
  11. හොදින් ලියු ලිපියක් ... ඔබ මෙයට සැහෙන කාලය ගත කරමින් මෙවන් හරවත් දේ බෙදා ගැනීම ගැන තුති !

    ReplyDelete
  12. @Sadeepa - ස්තූතියි! සෑහෙන්න කාලයක් නම් ඇත්තටම ගියා තමයි. ඒත් හොද ලිපියක් ලියුවා යන තෘප්තිය තියෙනවා...

    ReplyDelete
  13. හිතවත් මිතුර;
    ඔබ කරන කාර්යය ඉතාම අගය කල යුතුය. මෙවන් වටිනා මෙහෙවරක් වෙනුවෙන් කාලය ශ්‍රමය වැයකිරීම ගැන ඔබට තුති.
    තව තවත් වටිනා දේ එක්කිරීමට හැකිවේවායි පතමු...!

    ReplyDelete
  14. @Lasantha - ස්තූතියි! ඉදිරියටත් මා උපරිම උත්සාහයෙන් එම කාර්යය ඉටුකරනවා...

    ReplyDelete