-->

Recent

Tuesday, January 18, 2011

කැමතිම නළුවාගේ සවුත්තුම film කිහිපයක් ....

Sylvester Stallone ඒ තමයි මේ කියන කැමතිම නළුවා. එහෙමත් නැත්නම් Rambo, එහෙමත් නැත්නම් Rocky ලෙස ඔහුගේ නියම නම නොකිව්වත්‍ බොහෝ දෙනෙක් දන්න පුද්ගලයා. ලංකාව තුල ඔහුගේ වඩාත්ම ජනප්‍රිය වු චිත්‍රපටි මාලාව වු‍නේ මේ දෙක කිවුවොත් වරදක් නැහැ.

මට මතකයි අප පාසල් යන අවධියේ මෙම film දෙක පාදක කොට ගත් ස්ටිකර් අප බොහෝ දෙනෙක්ගේ පාසල් පොත්වල මුල් පිටුවේ ඇලවී තිබුන හැටි. ඇත්තෙන්ම ඒ කාලයේ ඒ කියන්නේ ’80 දශකයේ බටහිර ක්‍රියාදාම චිත්‍රපට වල කැපීපෙනෙනම චරිතයක් වුනේ Sylvester Stallone කියල කිවුවොත් කව්රුවත් තර්ක කරන එකක් නැහැ. මොකද චිත්‍රපටි ශාලාවක පුළුල් තිරයම වසා ගන්නා කඩවසම් රූපකායත්, ගැඹුරු කටහඩත්, වේගවත් ජවසම්පන්න ක්‍රියාදාම තුලිනුත්, ස්ටැලෝන් අපගේ සිත් ඇදබැද ගත්තා කිව්වොත් වරදක් නැහැ.
ඇත්තෙන්ම ඒ කා‍ලේ VCD සහ DVD නැති නිසා VHS Tape හරහා යාළුවොත් එක්ක වටවෙලා අපි මේ චිත්රලපටි නැරඹු හැටි මතක් වෙන කොටත් අමුතු සුන්දරත්වයක් ‍දැනෙනවා.

දැන් අපි එහෙනම් අර මුලින් කියපු සවුත්තු චිත්‍රපටි කිහිපය මට දැනුන ආකාරයට දාන්නම්.

මේ ලිස්ට් එකේ සවුත්තුම චිත්‍රපටිය විදියට පේ‍න්නේ - Rambo 4

මේකෙදී Rambo තමන්ට අදාල නොවෙන, තේරුමක් නැති යුද්ධයකට සම්බන්ධවෙන බවක් තමයි පේන්න තියෙන්නේ. ඇත්තෙන්ම Rambo චිත්ර පටි මාලාව ගැන කථාකරල තමයි මේ චිත්‍රපටියේ අගුණ ගැන කියන්න ඕන.

මට මතකයි පුවත් පතක ලිපියක තිබුනා මෙම Series එක හදන්න හේතුවක් වෙලා තිබුනේ වියට්නාම් යුද්ධය පරාජයවීමේ දුක, එම යථාර්තයෙන්  ප්‍රතිවිරුද්ධ සංසිද්ධියක් මගින් සඟවාගැනීමටයි කියලයි. කෙසේ වෙතත් මුල් චිත්‍රපටි දෙකේ තමයි, එනම් Rambo I (First Blood) සහ  Rambo II ට තමයි වියට්නාම් යුද්ධය භාවිතා කරල ති‍බුනේ එතනදීත් Rambo I දී, යුද්ධයෙන් පසු සොල්දාදුවකු මුහුනදෙන පශ්චාත් යුධ කම්පනයන් පිළිබදව යම් පණිවිඩයක් දෙන්න උත්සාහක් තිබුන බව මේකේ වෙඩි තියාගන්න ඒවා, මරා ගන්න ඒවා අමතක කරල ටිකක් විමසිල්ලන් බැලූ විට පෙනෙන්න තිබුනා.


















එහෙත් Rambo II දී අර එක වීරයෙක් විතරක් ගිහිල්ල සතුරු බල මුලුවක්ම නසන ආකාරයේ දෙයක් තමයි තිබුනේ. ඇත්තෙන්ම ඒකදි නම් ඇමරිකාව, වියට්නාම් යුද්ධය පරාජයවීමේ දුක තුනී කරගන්න උත්සහයක් දැරූ බවක් පේනවා. ඇත්තෙන්ම ඒක නිසා වෙන්න ඕන එක්තරා අවස්ථාවක ඇමරිකාවේ තිබූ චිත්‍රපටි උ‍ළෙලකදී මේ Rambo චිත්‍රපටි බලල, වෙන රටකින් ආපු විචාරකයෙක් කියල තිබුනේ “මේ වගේ වීරයෝ දහයක් විතර වියට්නාම් යුද්ධය වෙලාවේ යුද්ධයට යැව්වනම් යුද්ධය දිනා ගන්න තිබුනානේ” කියලා.

කෙසේ වෙතත් Rambo III දී මේ කථා තේමාවෙන් ඔබ්බට ගිහිල්ල, එනම් වියටිනාමයේ සිදුවීම වෙනුවට Rambo යන්නේ ඇෆ්ගනිස්ථාකයට. එහිදීත් තනි වීරයාගේ භූමිකාවට Rambo පණ දෙනවා.
හැබැයි එතනින් මෙම Rambo කථා මාලාව තතර කලා නම් ඉතා හොදයි කියලයි හිතෙන්නේ. මොකද මුල් නිර්මාණ තුන ගොඩනගන අවධිවල ඒ චිත්‍රපටි වලට පාදක වූ කාරණාව සක්‍රීයව එදා ලෝකය තුල කථාබහට ලක්වූ දේවල්. එසේම එදා Sylvester Stallone තරුණයෙකු ලෙස දායක වූ දේවල් වලට අද 60 පැනපු Sylvester Stallone  දායකවිමේදී කිසියම් අතාත්විකබවක් දැනෙනවා. හැබැයි ඒ කියන්නේ Sylvester Stallone  ගේ ජව සම්පන්න බවේ හෝ රංගනයේ අඩුපාඩුවක් තියෙනවා කියල නෙමේ. නමුත් Rambo III තිරගතවූ 1989 ට පස්සේ මෙය සමාන තේමාවන් රැගත් චිත්‍රපටි ඕනෑ තරම් අපට දැක ගන්නට ලැබුනා. ඒක නිසා මේක ප්‍රාථමික සංකල්පයක්. අනිත් කරුන තමයි Rambo IV හදන්නේ කලින් එම Rambo චිත්‍රපටි හදපු අධ්‍යක්‍ෂකවරු නොවෙයි, Sylvester Stallone  විසින්ම ඒ කාර්යය සිදු කරල තියෙනවා. හැබැයි ඒක සාර්ථක වූ බවක් නම් පෙනෙන්නට නැතිබව තමා කියන්න වෙන්නේ.


ඊලගට තියෙන්නේ The Expendables

මේ චිත්‍රපටිය කලින් කිවුව එකටත් වැඩිය නරකදැයි කියලත් හිතෙනවා. කෙසේ වෙතත් මෙයත් Sylvester Stallone විසින් අධ්‍යක්‍ෂනය කරල ලද්දක්, මේ කථාවට සමාන කථා තේමාවන් අපට මීට පෙරත් නැරඹීමට හැකි වෙලා තියෙන බවනම් කියන්න ඕන. මේකෙදී හැබැයි වෙනසක් තියෙන්නේ Hollywood සිනමාවේ Sylvester Stallone ගේ හිතවත් නළු මිත්‍රයන් රැසක් දායක කරගෙන එම තරු වල එළියෙන් සෑහෙන්න ජනප්‍රියත්වයක් මේ The Expendables චිත්‍රපටියට ලබා ගන්න හැකිවෙලා තියෙනවා.

ඒත් මේකේ ඉතා සුළු අවස්ථාවකට පමණක් රංගනයෙන් දායක වන Arnold Schwarzenegger ගේ සහ Bruce Willis ගේ චරිත තේරුමක් නැහැ කියලයි මට හිතේන්නේ මේකේ කථාව ටිකක් වෙනස් කරල ඔවුන්ගේ රංගන හැකියාවත් චිත්ර්පටිය පුරා යොදා ගන්න ලැබුනා නම් කථාව කෙසේ වෙතත් යම් විචිත්‍රවත්බවක් ඇතිවේවි කියල තමයි හිතෙන්නේ.

කථාවේ යම් නොගැලපීමක් සහ අතාත්විකබවක් තිබුනත් භාවිතාකරල තියෙන යානවාහන නම් හොද classic ගතියක් ‍තියෙන බව නම් කියන්න ඹ්නග ඒ Stallone ගේ ගුවන් යානය සහ ඔහු පදවන කාරයයි. ‍කෙසේ වෙතත් මෙයට වඩා The Expendables හි ගුණාත්මකබව වැඩිකරගන්න තිබුන බව නම් කියන්න සිදුවෙනවා.

(ඡායරූප ලබා ගත්තේ අන්තර්ජාලයෙනි).

ලිපිය දිග වැඩි නිසා ඉතිරිය පසුවට ...

2 comments:

  1. Expendables නම් මම දැකපු “අන්තිම චාටර්“ චිත්‍රපටියක්.. බලල ඉවර වුනාම තේරුනේ චොකලට් පෙට්ටියක් පොරොන්දු වෙලා බුල්ටො එකත් පෙන්නල නොදී ගියා වගේ.

    ReplyDelete
  2. @පිටස්තරයා- ඒක නම් මමත් පිළිගන්නවා. මීට වඩා දෙයක් මේ චිත්‍රපටියේ කරන්න තිබුනා කියල තමයි මටත් හිතෙන්නේ...

    ReplyDelete