-->

Recent

Sunday, January 16, 2011

Kaspersky ඔය කියන තරම්ම හොදද???

මේ ලෝකේ තියෙන කිසිම දෙයක් 100% ක් හොදවත්, 100% ක් නරකවත් නැහැ කියන එක මුලින්ම කියල තමයි මේ ලිපිය ලියන එක වඩාත්ම සුදුසුම.


මේ දවස්වල වැඩිදෙනක් ‍වෛරස් ඉවත්කරගන්න හරි එයින් ආරක්ෂාවෙන්න හරි install කර ගන්න Virus Guard එක විදියට පේන්නේ kaspersky. ඒ එක්කම ලංකාවේ ඒකේ Original copy එකක් මිලදී ගැනීමේ පහසුකම අද බොහෝ පරිගණක වෙළද ආයතනවලද දක්නට ලැබෙනවා. එසේම මිලදී ගන්න අදහසක් නැති ඒත් මේ Virus Guard එක‍ට කැමති හෝ ඒක අත්හදාබලන්න කැමති අය download කරල crack කරලත් භාවිතයට ගන්න බව පේනවා.

මමත් මේක මගේ කාර්යාලයේ පරිගණකයටත් දාලා භාවිතා කරනව, හැබැයි මම නිවසේ පරිගණකයේ භාවිතා කරන වෛරස් ප්‍රතිනාශක මෘදුකාංගය වන Symantec AntiVirus Corporate Edition 10 එක Kaspersky ට ව‍ඩා හොදයි කියන්න පුළුවන්. මොකද අත්දැකීමට අනුවම Kaspersky ට හසු නොවූ virus ගණනාවක්ම Symantec AntiVirus Corporate Edition 10 එකෙන් Clean කරගත්තා.


මේක ටිකක් පරණ එකක් තමයි ඒත් මෙන්න මේ link එකට ගියහම, http://www.symantec.com/business/security_response/definitions/download/detail.jsp?gid=savce දිනපතා නිකුත්කරන definition updates තවම ගන්න පුළුවන්.

හැබැයි මම කියන්නේ නැහැ සියළුම වෛරස් නැසුමට මෙය තමයි සුදුසුම කියල. මොකද මේකටත් හසු නොවන Virus තියෙනවා. හැබැයි මෙම AntiVirus Corporate Edition 10 එකට පස්සේ නිපදවපු Kaspersky Edition එකකට Latest Update දැමුවට පසුවත් හසුනොවූ Virus, Symantec Virus Guard එකට හසුවුනා.

ඒවගේම මේකේ Online update වගේම දිනපතා ලබාදෙන Virus Definition ගොනුව එකක් පමනක්වීමත්, එය .EXE ගොනුවක් ලෙස download කර ගෙන Internet නොමැති වෙනත් පරිගණකයක් වුවත් යාවත්කාලීන කරගැනීමේ හැකියාව තියෙනවා. එසේම මෙය ක්‍රියාත්මකවීමට උපයෝගීකරගන්න පරිගණ‍කයේ Resources ප්‍රමාණය වෙනත් virus Guard එකකට වඩා අඩු බවක් හැගෙන නිසා එයද සැලකිල්ලට ගතයුතු කරුණක්.

කොහොමවුනත් අවසානයේ කියන්න ඔන මම කියන්න ගියේ Kaspersky නරකයි කියල ඒක අතහැරල හැමෝම Symantec AntiVirus Corporate Edition 10 එකට යන්න කියන එක නොවේ. බොහෝදෙනෙක් අළුත් Software එකක් ආව ගමන් කිසිදු වගවිභාගයක් නොමැතිව ඒක install කර ගන්නව මිසක් ඒක තමන්ට සුදුසුම එකද කියල සොයා බැලීමක් නැහැ. සමහරවිට තමන් දැනට භාවිතාකරන Software එක අළුත් එකට වඩා කිහිප ගුණයකින් හොදවෙන්න පුළුවන්. ඒ කිව්ව දෙයත් සැලකිල්ලට අරගෙන බලන්න. අයෙත් කියන්න තියෙන්නේ

මේ ලෝකේ තියෙන කිසිම දෙයක් 100% ක් හොදවත්, 100% ක් නරකවත් නැහැ.

5 comments:

  1. මම නම් පුද්ගලිකවම Kaspersky වලට අකමැතී , ඒ වගේම මගේ පරිගනකයටත් Kaspersky දිරවන්නේ නෑ , කොච්චර Resources තිබ්බත් PC එකට සෙට් වෙන්නේ නෑ , ඒක හින්ද ම දැන් Avast & MS Security Essential දාගෙන වැඩ කරනවා , ඒ දෙක නම් මැක්සා :D

    ReplyDelete
  2. Security Essential මමත් Try කරල බලන්නං.

    ReplyDelete
  3. මේ නිර්නාමික කමෙන්ටුවේ එක් විශේෂන පදයක් පිළිබදව සෑහිමකට පත්විය නොහැකි නිසා කණගාටුවෙන්වුවත් මකා දැමීමට සිදූවු බව දන්වමි...

    ReplyDelete
  4. මත් Kaspersky වලට කැමති නැ. හුග කාලයක් මම Norton Internet security 2008 දාගෙන හිටියේ. එකත් නියමයි. හැබැයි Winows 7 install කරාම දැම්මේ BitDefender Antivirus 2010 දැම්ම. ඒකත් ගින්දර

    ReplyDelete
  5. @GAME CLUB - BitDefender නම් තවම පාවිච්චිකරල නැහැ. ඉදිරියේදී ඒකත් try කරල බලන්න ඕන...

    ReplyDelete