-->

Recent

Saturday, April 30, 2011

වේගයෙන් file පිටපත් කරගන්න හෝ වෙන තැනකට මාරු කරගන්න TeraCopy - Copy & Move your files faster and easier

අපි බහුලවම භාවිතාකරන මෙහෙයුම් පද්දතිය වන Windows වලදී ඒ සමග දී ඇති පහසුකම ඔස්සේ සාමාන්‍යයෙන් සිදුකෙරෙන ගොනු පිටපත් කර ගැනීම හා වෙන තැනකට මාරුකරගැනීම ඊටත් වඩා වේගයෙන්, පහසුවෙන් වගේම එහි දක්නට නැති පහසුකම් රැසක් සහිතව සිදුකර ගෙන කුඩා මෘදුකාංගයක් තමයි TeraCopy. මේ මෘදුකංගය නිපදවන්නේ Codesector කියන සමාගම විසිනුයි. 

එම සමාගමේ වෙබ් අඩවියේ මේ සදහා වූ පිටුව වන http://www.codesector.com/teracopy.php අනුව නම් මෙහි ගුණාංගලෙස වේගයෙන් ගොනු පිටපත් කිරීම (Copy files faster), පිටපත් කරන හෝ ස්ථානය මාරු කරන ගොනුව ඒ ක්‍රියාදාමය සිදුවන අතරේ තාවකාලිකව නවතා නැවත ක්‍රියාත්මක කිරීම (Pause and resume file transfersPause and resume file transfers), ක්‍රියාවලිය අතරතුර සිදුවන වැරදි නිවැරදි කිරීම (Error recovery) සහ තවත් දේවල් කිහිපයක් තිබෙන අතර මා දුටු හොදම ලක්‍ෂනයක් වන්නේ file කිහිපයක් Windows එකවර copy කර ගන්නට යෑමේදී සියළුම ක්‍රියාදාමය මන්දගාමී වී පරිගණකයේ මතකය, processing ක්‍රියාවලියත් අවුල් ජාලයක් කරගන්නා වැරැද්ද මෙහිදී නම් සිදුනොවීමයි. 

මේ තෙවන පාර්ශවයේ නොමිලේ ලබා දෙන සංස්කරණය ඉහත දැක්වූ වෙබ් අඩවියෙන්ම ලබා ගත හැකි අතර අවශ්‍ය නම් මුදල් ගෙවා අමතර පහසුකම්ද සහිත TeraCopy Pro සංස්කරණය වුවද ලබා ගත හැකිය. මා මේ දෙවනියට කි TeraCopy Pro සංස්කරණය පිළිබදව සෙවීමේදී එය ලබා ගත හැකි ස්ථානයක්ද ලැබුන අතර මේ වෙබ් අඩවියට පිවිසීමෙන් එය හා එයට අවශ්‍ය serial key ද ලබා ගත හැකිය.http://www.fullandfree.info/software/teracopy-pro-v212/

මෙම මෘදුකාංගයේ අවාසි සහගත තත්වයක් වන්නේ AVG වැනි වෛරස් ප්‍රතිනාශක මෘදුකාංග වල මෙම TeraCopy වෛරස් සහිත මෘදුකාංගයක් ලෙස වැරදීමකින් සටහන් වීමයි. යම් හෙයකින් ඔබට එම තත්වය උදාවුවහොත් එය නිරාකරණය කර ගන්නා ආකාරය මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් දැන ගත හැකිය. http://blog.codesector.com/2008/05/30/avg-false-positive/

You can disable AVG from scanning some folders. To do this:
1. Start AVG user interface
2. Select ‘Tools’ – Advanced settings
3. Select ‘Resident Shield’ – ‘Exceptions’
4. Click on ‘Add Path’
5. Browse to the path to be excluded from AVG scanning
6. Click on OK

ඔබ තෙවන පාර්ශවයේ මෘදුකාංගවලට කැමති නම් හෝ වෙනස්කමක් අත්දැකීමට කැමති අයෙක් නම් මෙම Tool  එකද භාවිතාකිරීම යම් තෘප්තියක් ලබා ගැනීමට හේතුවන බව මම නම් සිතමි. මීට ටික කලකට පෙරද මෙම මෘදුකාංගය පිළිබද වෙනත් සොහොයුරෙකු ලියූ බ්ලොග් සටහනක් පිළිබදව මතකයක් යම්තමින් ඇතත් සත් සමුදුරේ පාඨක මිතුරන්ද මේ මෘදුකාංගය ගැන දැනුවත් කිරීම සදහා මේ සටහන තැබූ බව කාරුණිකව සදහන් කරමි...

2 comments:

  1. දැනුවත් කළාට තෑන්ක්ස්.

    ReplyDelete