-->

Recent

Tuesday, April 5, 2011

ගෑස් මුහුණු ගැනත් මොන මොනවහරි දැනගමු - Something know about GAS MASKS


ඔබ ගෑස් මුහුණු දැක ඇති. හැබැයි ගෑස් මුහුණ දැක්කත් තරමක බියක් ඇතිවන බව නම් සඟවන්න දෙයක් නැහැ. කෙසේ නමුත් ගෑස් මුහුන යුද බිමේදී භාවිතයට ගත්තේ පළමුවන ලෝක යුද්දයේදී බව පැවසේ. ‍පළමු ලෝක යුද්දයේදී ලොව ප්‍රථම වරට රසායනික අවි භාවිතයට ගත් අතර එය සිදුවී ඇත්තේ 1915 අප්‍රේල් 22 වන දිනයි. ඒ Ypres හිදි ප්‍රංශ හමුදාවන්ට එරෙහිව ජර්මන් හමුදා ක්ලෝරින් වායුව භාවිතා කිරීමෙනුයි (Chlorine gas was used as a chemical weapon during the first World War, under the name bertholite.). මෙසේ භාවිතයට ගත් නව ආයුදයට එයට සමානම ප්‍රතිචාරයක් ලබා දීමට සිතු මිත්‍ර හමුදාවත් 1915 සැප්තැම්බර් මසදී ප්‍රංශයේ Loos හිදී සිය ප්‍රථම රසායණික ප්‍රහාරය සිය ප්‍රතිවිරුද්ධ පාර්ශවය වෙත එල්ල කරනු ලැබුවා. මේ අනුව ගැස් මුහුණ සෑම සොල්දාදුවෙකුගේම මෙවලම් මල්ලේ අනිවාර්යය අංගයක් බවට පත්වුනා.
ගෑස් මුහුණ සොයා ගනු ලැබුවේ කව්ද?
ලෝකයේ සොයා ගනු නිර්මාන අතුරින් නිශ්චිත වශයෙන්ම තනි පුදගලයකුට පැවරිය නොහැකි සොයාගැනීමක් වන අතර එය මීට සෑහෙන්න කාලයකට පෙරාතුවම වෙනත් යුදමය නොවන කාර්යයන් සදහා යොදාගනු ලැබූ පතල් කනින්නන්, ගිනි නිවන භටයන් සහ දියයට කිමිදෙන්නන් භාවිතා කල  හෙල්මට් වල හුස්ම ගැනීමට යොදාගත් සංසිද්ධියම වැඩි දියුනු කර ගත් prototype එකක් ලෙස සැලකේ.

මෙම නිර්මාණ සොයා ගැනීමට කලින්නම් දුම් හෝ විශ වායු හෝ වාතය ආඝ්‍රානය කල නොහැකි අවස්ථාවලදී සිදුකරනු ලැබුවේ පෙරහනක්ලෙස තෙමන ලද ලේන්සුවක් වැනි දෙයකින් නාසය සහ මුඛය ආවරණය කර ගැනීමයි.

මෙසේ ගත් කල මුලින්ම 1819 දී Augustus Siebe විසින් කිමිදුම්කරුවන් සදහා හෙල්මට්ටුවක් නිර්මාණය කෙට ඇති අතර එහි එක් නලයකින් ආශ්වාස වාතයත්, තවත් නලයකින් ප්‍රශ්වාසවාතය හෙල්මට්ටුවෙන් ඉවතට යනසේ නිර්මාණය කොටඇත.

ඉන්පසු 1823 දී John and Charles Deane යන සොහොයුරන් දෙදෙනාද ගිනි නිවන භටයන් සදහා දුම් ආඝ්‍රානය වීම වලකන යන්ත්‍රනයක් ඇතුලත් හෙල්මටුවක් සදහා පේටන්ට් බලපත්‍රය ලබා‍ ගෙන ඇති අතර පසුව එය තවත් වැඩි දියුණූ කර කිමිදෙන්නන් සදහාද වෙනත් හෙල්මට්ටුවක් නිමැවුමට ඔවුන් සමත් වී ඇත.

1847 දී ගෑස් මුහුනේ පළමුවැන්නා යයි සැලකිය හැකි නිෂ්පාදනය කරනු ලැබුවේ `Lewis P. Haslett විසින්.  1849 දී ඇමරිකානු පේටන්ට් බලපත්‍රය U.S. patent #6529 අංකය යටතේ ගනු ලැබූ අතර එය ප්‍රථම වරට ඇමරිකානු පේටන්ට් බලපත්‍රලාභී වායූ පවිත්‍රක ශ්වසන උපකරණය (an air purifying respirator) ලෙස සලකනු ලබන අතර එය හැදින්වූයේ "Inhaler or Lung Protector" ලෙසයි. 

කොහොමවුනත් මෙමගින් දූවිලි අංශු පෙරීමක් පමණක් සිදුවූ අතර විශවායු පෙරා ගැනීමේ හැකියාවක් නොවීය. මෙය තුල එක් පසකට පමනක් විවෘතවන වෑල්ව් දෙකක් තිබූ අතර එකකින් ආශ්වාස වාතය ලබා ගැනීමටත් අනෙක ප්‍රශ්වාස වාතය පිටකිරීමට යොදාගැනුනි. මෙහි පෙරහනට යොදාගත්තේ වූල් හෝ වෙනත් උරාගන්න අමුද්‍රව්‍යයක් වන අතර එය ජලයෙන් පොගවා භාවිතය‍ට ගැනුනි.
(Among the early forerunners of the gas mask was a device invented in 1847 by Lewis P. Haslett of Louisville, KY. It allowed breathing through a nose or mouth piece fitted with two one-way clapper valves: one to permit the inhalation of air through a bulb-shaped filter, and the other to vent exhaled air directly into the atmosphere. Similar use of valves became common in later masks. The filter material — wool or other porous substance moistened with water — was suited to keeping out dust or other solid particulates, but would not have been effective against poison gas.)

1854 දී ස්කොට්ලන්ත ජාතික රසයනඥයකු වන John Stenhouse විසින් සරල ගෑස් මුහුනක් නිපදවනු ලැබූ අතර මෙහි අහිතකර වායු පෙරන හැකියාව තිබූ බව කියන අතර පෙරනය සදහා යොදාගත් ද්‍රව්‍ය අඟුරු විය.
(In 1854, Scottish chemist John Stenhouse invented a simple mask that used charcoal to filter noxious gases.)

1874 දී බ්‍රිතාන්‍යයේ Samuel Barton විසින් Barton's respirators ලෙස හදුන්වනු ලැබූ විශ වායු, දුම්, හුමාල සහ වෙනත් ආශ්වාසට හානිදායි ද්‍රව්‍ය පෙරණය කල හැකි ගෑස් මුහුනක්  සදහා US patent #148868 (1874) අංකය යටතේ පේටන්ට් බලපත්‍රය ලබා ගත් අතර එය රබර් හා ලෝහයෙන් තැනූ මුහුණු ආවරණයකින්ද සමන්විතවිය. එහි රබර් හිස් ආවරණයක්, ඇස් දෙක ආරක්‍ෂාවට වීදුරු කණ්නාඩි යුගලක් හා ආශ්වාස - ප්‍රශ්වාස ක්‍රියාදාමයට එක් පසකට පමණක් විවෘතවෙන වෑල්ව් වලින්ද සමන්විත විය. 

මුහුනේ ඉදිරියෙන් ඇති ලෝහමය බදුන තුල පෙරහන් කාරක ද්‍රව්‍ය අඩංගුවූ අතර එම පෙරහන් කාරක ද්‍රව්‍ය ලෙස භාවිතයට ගැනුනේ අඟුරු, අළු හුණු, ග්ලිසරින් පොගවන ලද කොට්න් වූල්ය.  මෙම ගෑස් මුහුනේ ඇති තවත් විශේෂත්වයක් වූයේ සරල සංවෘථ පරිපථයක් ඔස්සේ එකම වාතය ප්‍රමාණයක් නැවත නැවත භාවිතයට ගැනීමට හැකිවන සේ සකස් කරන ලද යාන්ත්‍රනයක් තිබීමයි. එයට පිටුපසින් සවි කරගතයුතු වායුටැංකියක්ද වූ අතර පෙරහන් කාරක ද්‍රව්‍ය මගින් මෙම ජාලයක්‍ ලෙස යොදාගැනුන වාතයේ අමතර කාබන්ඩයොක්සයිඩ් ඉවත් කරන ලදි.
(Samuel Barton, of London, England, designed a device for the purpose of, according to an 1874 patent, "permitting respiration in places where the atmosphere is charged with noxious gases, or vapors, smoke, or other impurities." It included a rubber-and-metal face cover, head harness, glass eyepieces, rubbercoated hood, and one-way valves for exhalation and inhalation. A metal canister on the front of the mask contained alternating layers of filtering materials: charcoal, lime, and glycerin-soaked cotton wool. In In addition to the canister gas mask, the patent described a simple closed-circuit rebreather in which the user would inhale and exhale through tubes attached to an air reservoir carried on the back. In this alternate configuration, a filter containing lime would remove excess carbon dioxide from the breathing loop.)

1914 දී Garrett Morgan විසින් සොයාගන්නා ලද ආරක්‍ෂිත හිස්වැස්මක්ද සහිත දුම් ප්‍රතිරෝධක ගෑස් මුහුන සුවිශේෂි මංසලකුනක් කීවත් නිවැරදියි. එක් කරුණක් නම්   Garrett Morgan කළු ජාතික සම්භව්‍යක් ඇති අයෙකු නිසා වර්ණභේදවාදය හා කළු ජාතිකයන්ට කෙනෙහිලිකම් කල සමයක එවැනි නිපැයුමක් සුවිශේෂි විය. අනෙක් වැදගත්ම කරුණ වන්නේ මෙම නිපැයීම සිදුකොට වසර  2 ක් ගිය තැන Garrett Morgan ජාතික මට්ටමේ පුවතක සුවිශේෂ චරිතයක් බවට පත්වීමයි. එනම් Erie විලේ අඩි 250 ක් පතුලේ පිහිටි උමං මාර්ගයක සිදුවූ පිපිරුමකදී එහි හිරවුන මිනිසුන් 32 දෙදෙනෙකුගේ දිවි ගලවා ගැනීමට Morgan ගේ ගෑස් මුහුන ආධාරවීමයි. මේ සිදුවීමත් සමග ඔහුගේ හිස් වැස්ම මුළු ඇමරිකාව පුරාම පිහිට ගිණි නිවන ආයතන සදහා මිලට ගැනීමද සිදුවිය.

මෝර්ගන්ගේ ගෑස් මුහුන මීට පෙර ඒවාට වඩා වෙනස් බවක් දැක්වුන අතර එය වර්තමාන ගෑස් මුහුණට සමාන කමක් දැක්වීය. එයට හිස් ආවරණයක් මෙන්ම එයට දිග දෙකට බෙදුන නලයක් මුල් කාලීන නිර්මාණවල ලෙසම තිබුනේ පහළ සිට පිරිසිදු වාතය ආශ්වාසය සදහා රැගෙන ඒමටයි.
(In fact, Morgan's invention (patented in 1914, Nos. 1090936 and 1113675) was less like a modern gas mask than many others that preceded it. It consisted of a hood, to which was attached a long, bifurcated breathing tube that hung almost to the ground had previously been patented by a number of inventors throughout the 19th century. These devices allowed the wearer to draw breath from the cleaner layers of air beneath the rising smoke.)

දුම්, නලය තුලින් ඇතුළු වීම වැලකීමට මෝර්ගන් අමතක නොකලේය.ඒ සදහා ‍ඔහු යොදා ගත් උපක්‍රමය වූයේ දිගු නලයේ පහල කෙලවර ඇතුලත පැත්තේ වතුරෙන් පෙගවූ ස්පොන්ජයක් යොදා ගැනීමයි. වතුරෙන් පෙගුන මෙම ස්පොන්ජ් ස්ථරය ක්‍රියාකලේ හරියට නාසය සොටුවලින් යම්තම් පිරී ඇති ලෙසිනි. එවිට මෙම තෙතමනය නිසා දැලි හෝ දුම් එයට ඇලීමනිසා ඒවා ආඝ්‍රානය වීම වැලකුනි.
(To further protect the wearer against smoke, Garrett Morgan lined the inner surface of the far end of the tube with a layer of sponge. When soaked with water, the spongy lining acted like a nasal mucous membrane, serving to moisten the air and to trap soot or smoke particles before they could be inhaled.)

 සමහර ඉතිහාසයඥයන්ගේ මතය අනුව මුලින්ම පළමු ලෝකයුද්දයේදී ඇමරිකානු ‍සොල්දාදුවන් භාවිතා කරන ලද්දේ Morgan ගේ ගෑස් මුහුන බවට මත පලකලත් එයට ප්‍රතිවිරුද්ධ මත පලකරන්නද සිටිති.
මක්නිසාද යත් මෙම ගෑස්මුහුන සිවිල් කටයුතු සදහා නිමැවූවත් මිස යුදමය තත්ව වලදී භාවිතා වන විශ රසායණික වායු පරිවාරකයක් ලෙස යොදා නොගත හැකි බව ඔවුන්ගේ තර්කය විය. ඔවුන් භාවිතා කලේ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ හමුදාවලින් ණයට ලබාගත් ගෑස් මුහුණු බවට http://www33.brinkster.com/iiiii/gasmask/wwi.html අඩවියේ ඇති පළමු ලෝක යුද්‍දයේ ඇමරිකානු හමුදා භාවිතා කල ගෑස් මුහුණු පිලිබද ලිපිය සාක්‍ෂි දරයි.

 කරුණු කෙසේ වෙතත් මොර්ගන්ගේ මෙම නිර්මාණය සාමාන්‍ය ගෑස් මුහුනක් පමණක් නොව එය ප්‍රථම වායු පවිත්‍රකාරක කෘත්‍රීම ශ්වසන උපකරණයක්  (an Air Purifying Respirator (APR)) ලෙසද හැදින්වේ.  එය පෙර පැවති ඒවාට වඩා අංගසම්පූර්ණ බවක් දැක්වු අතර එය මුහුණ හොදින් ආවරණය වන කොටස, වායුප්‍රේරකයක්, ප්‍රශ්වාස වාතය පිට කිරීමේ වෑල්වයක් හා විනිවිද පෙනෙන අක්‍ෂි ආරක්‍ෂක කොටසක්ද විය.
(The latter type, known as an Air Purifying Respirator (APR), consists of a tight-fitting face piece that contains one or more filter cartridges, an exhalation valve, and transparent eye pieces.  The first (APR) was patented in 1914 by Garret Morgan of Cleveland)

ගෑස් මුහුණුද එයට සමන්විත උපාංග අනුව දෙවර්ගයකට හැදින්වේ. මුඛය හා නාසය කොටස පමණක් ආවරණයවන ලෙස තැනූ ඒවා half-mask air-purifying respirators ලෙසද, මුඛය හා නාසය කොටස සමග ඇස් ප්‍රදේශයද වීදුරුමය ද්‍රව්‍යකින් ආවරණය කර තනන ලද ඒවා full-face respirator ලෙසද හැදින්වේ.

Air-purifying respirators නැතහොත් වායු පව්‍ත්‍රකාරක ශ්වසන උපකරණ හෙවත් අප කතා කරන ගෑස් මුහුණ සම්බන්ධයෙන් වාසි දෙකක් ගැනද කිය‍වේ. එනම් ඒවා මිලෙන් අඩු හා‍ සංකීර්ණභාවයෙන් අඩු විසදුමක් වීමත්ය.
They are the least-expensive option.
They are the least-complicated option.

එහෙත් ගිණි නිවන භටයන් වැනි අධික තාපයක් හා විවිදාකාරයේ විශ දුම්, විශ වායු ජනනය වන හා ඔක්සිජන් වායුව දැඩි ලෙස හිඟ ස්ථාන කරායන්නන් භාවිතයට ගන්නේ self-contained breathing apparatus (SCBA) ලෙස හදුන්වන පද්දතියයි. මෙහි මුළු මුහුනම වැහෙන මුහුණු ආවරණයක් හා පිටුපසින් පි‍ටේ එල්ලා ගෙන යන වායු ටැංකියකින් සමන්විතය. මෙම ටැංකිය තුල අධිපීඩන තත්වයෙන් ගබඩාකල පිරිසිදු වාතය අඩංගුවේ. මෙමගින් නිරතුරුවම පිරිසිදුවාතය මුහුණු ආවරණය තුලට සපයයි. 

එහෙත් මෙම පද්දතියේ අවාසි කිහිපයක් ගැනද කියවේ. එනම්, වායු ටැංකිය විශාල හා බර එකක් වීම, ඒවා තුල ඇති වාතය ප්‍රමාණවත් වන්නේ මිනිත්තු 30 කට හෝ 60 කට පමණක් වීම, මෙම ටැංකි නැවත පිරවිය හැක්කේ විශේෂිතවූ උපකරණ භාවිතයෙන් පමණක් වීම හා මෙම පද්දතිය මිලෙන් අධිකවීමයි.
The tanks are heavy and bulky.
The tanks contain only 30 or 60 minutes of air.
The tanks have to be refilled using special equipment.
SCBA systems are expensive.

පළමු ලෝක යුද්දයේ දෙපාර්ශවයම විශ වායු වර්ග සිය යුද අවි ලෙස භාවිතයට ගත්තත් එය දැඩි අවධානම් සහගත කටයුත්තක් විය. මන්ද සුලඟ වැරදි දිශාවට හැමුවහොත් තමන් විසින් සතුරාට එල්ල කල විශවායු ප්‍රහාරයට තමන්වම ලක්වීම ‍නොවැලැක්වියහැකි කරුණක් වූ හෙයිනි. මෙවැනි විශ වායු ප්‍රහාරයක සුලභම හානිය වූයේ තාවකාලිකව හෝ ස්ථිර වශයෙන්ම අන්ධබාවයට පත්වීමයි. එමෙන්ම පෙනහළු වලටද හානිදායක වූ අතර එවිට එය යථා තත්වයට පත් කිරීම දීර්ඝකාලීන ප්‍රතිකාර අවශ්‍ය වූ අතරම එය වේදනාකාරීදවිය. 1917 වන විට තවත් තත්වය උඝ්‍රවෙමින් ප්‍රථම වරට මස්ටඩ් වායුවද ප්‍රතිවාදියාකෙරේ එල්ල කරන ලදි. එයට ගොදුරුවූවන්ගේ සමේ බිබිලි හා දියපට්ට ඇතිවීමද, ආඝ්‍රානය කල අයට asphyxiation තත්වයටද පත්වීය.

19 වන සියවසේ පෙර අවධියේ සිවිල් කටයුතු වන ගිණි නිවීම් සේවා වැනි කටයුතු වලදී හා යුද බිමේ මුල් කාලීන යුගයේදී එකවරම ගෑස් මුහුණූ භාවිතයට ගැනීමක් නොවූ නිසා එවැනි අවස්ථාවල කරන ලද්දේ වතුරෙන් පෙඟවූ තෙත රෙදි කැබැල්ලකින් නාසය හා මුඛය ආවරණය කර ගැනීමයි. ඇත්තවශයෙන්ම පසු කාලීන ආරක්‍ෂිත ගෑස් මුහුණු තැනීමට භාවිතයට ගත් එක් සංකල්පයක් වූයේද මෙයයි.
ගෑස් මුහුනක් ගත්විට එය සැමදා භාවිතා කල හැකි මෙවලමක් නොවීය. එය එසේ කීමට ප්‍රධානම හේතුව එයට වායු ප්‍රේරණය (Filter) සදහා ගත් යොදගත් ද්‍රව්‍ය කල් ඉකුත්වීම නැතහොත් එය නිසි පරිදි විශ වායු පෙරණ ක්‍රියාදාමය සිදුකලේ සීමිත කාලයකට පමණක් වීමයි.  

මෙම කරුණ නිසා බොහෝ ගෑස් මුහුණ වල වාතය සංසරණය වන කොටස විශේෂයෙන්ම භාවිතයට ගැනීමට පෙර සීල් කර එවූ අතර කෙසේ නමුත් ජලවාශ්ප හා උණුසුම් තත්වයන් නිසාද වායු ප්‍රෙරණයේ ආයු කාලය වෙනස් වීමට ඉඩ තිබේ.

එසේම දෙවන ලෝක යුද සමයේ භාවිතයට නොගත් ඒ සමයේ නිපදවුන ඒවාද පසුකාලීනව කාර්යක්‍ෂමබවෙන් තොර  ඒවා බවට පත්ව ඇති නිසා සහ ඒවායේ රසායණික ද්‍රව්‍යයන් පසුකාලනීව විපර්යයාසවලට බදුන්ව ඇති නිසා ඒවා මගින් භාවිතාකරන්නාට හානිගෙන දිය හැකි බව පැවසේ.‍
දෙවන ලෝක යුද සමයේ ගෑස් මුහුනු Filter සදහා භාවිතයට ගත්තේ blue asbestos වන අතර ඒවා 1956 කාලවකවානුව දක්වාම හදන ලද මුහුනු වල Filter සදහා යොදාගත් බව පැවසේ. 

එහෙත් මෙම blue asbestos ආශ්‍රිත කර්මාන්තවල සේවය කරන්නන් mesothelioma රෝගී තත්ව‍යෙන් මිය යාමේ ප්‍රවණතාවයක් තිබූ අතර එය 10% ක පමණ ප්‍රතිශතයක් විය. එසේම මෙම blue asbestos නිසා පෙනහළුවල ආබාද හා ශ්වසන අවයව සම්බන්ධ පිළිකා ඇතිවීමද සාමාන්‍ය තත්වය යටතේ ශ්වසන ක්‍රියාවලියකරන්නන්ට වඩා 2.5 හො 3.5 ගුණයක් පමණ විය. මෙවැනි තත්ව නිසා පසුකාලීනව හමුදා සේවයේ නිරතවන්නන්නට දුන් අවවාදය වූයේ පෙර සංග්‍රාම වලදී භාවිතයට ගත් ගෑස් මුහුණු වර්ග පසු කාලීන සංග්‍රාම වලදී භාවිතවට නොගන්නා ලෙසයි. (Current advice is never to wear any gas mask of uncertain military origin).

මෙම අනතුරුදායක තත්වය නිසා පසුව තනන ලද ගෑස් මුහුණු වල ප්‍රෙරණය කරන දුව්‍ය ලෙස සක්‍රිය අඟුරු (Activated Charcoal) යොදා ගත්තේය.  

ගෑස් මුහුණක වායු ප්‍රෙරණයේ නැතහොත් air filter හි එම කාර්යය ඉටුකිරීමට ක්‍රම එකක් හෝ තුනක් යොදාගන්නා බව කියවේ. එම ක්‍රම නම් අංශු පෙරීම, රසායණික අවශෝෂනය හෝ අධිශෝෂනය සහ රසායණික උදාසීන කිරීමකට රසායණික ප්‍රතික්‍රියාවන් යොදා ගැනීමයි.
Any air filter can use one (or more) of three different techniques to purify air:
Particle filtration
Chemical absorption or adsorption
Chemical reaction to neutralize a chemical

අංශු පෙරීම හෙවත් Particle filtration - මෙය සරලම ක්‍රමය වන අතර ඔබ ලේන්සුවකින් හෝ රෙදි කැබැල්ලකින් නාසය වසාගෙන දූවිලි ආඝ්‍රානයෙන් වැලකීමද මෙම ක්‍රමයම විය. ගෑස් මුහුණ සදහා මෙය භාවිතයේදී ජීව විද්‍යාත්මක හානියක් සිදුවීම වැලකීමට කාර්යක්‍ෂම කල යුතුවිය. ඇන්ත්‍රැක්ස් වැනි බැක්ටීරියාවක් ගත්විට එය මයික්‍රොන් 1 කටත් වඩා කුඩාවිය. මේඅනුව බොහෝ අංශුමය පෙරණයන්වලට මයික්‍රොන් 0.3 ක පමණ කුඩා අංශුපෙරීමේ හැකියාව ඇතිව තනන ලදි. සෑම අංශුමය පෙරනයක් පහේ අංශු ඇලෙන සේ සකස් කර ඇති නිසා ටික කලක් යනවිට මෙය භාවිතයේදී ශ්වසනය අපහසුවේනම් පෙරණය මාරු කල යුතුවිය.

රසායණික අවශෝෂනය හෝ අධිශෝෂනය හෙවත් Chemical absorption or adsorption - රසායණික වශයෙන් සිදුවන තර්ජන විවිදාකාරවේ. මෙය බොහෝවිට වාශ්ප ලෙස පැමිණිය හැකිවු අතර එවිට අංශුමය පෙරීම පමණක් ප්‍රමාණවත් නොවීමට ඉඩ ඇති නිසා යම් කාබණික රසායනික ද්‍රව්‍යයක් අවශ්‍ය විය. මෙය සදහා වඩාත් සුදුසු වූයේ සක්‍රිය කරන ලද අඟුරුවේ. අඟුරු යනු කාබන් වන අතර සක්‍රීය අඟුරු තනන ලද්දේ අඟුරු, ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාකරවා කාබන් පරමාණු අතර මිලියන සංඛ්‍යාත සියුම් සිදුරු ඇතිකිරීමෙනි. මෙම සක්‍රීය අඟුරු ස්ථර ක්‍ෂෙත්‍රඵලය වැඩිවන අකාරයෙන් ඇසීරුවිට ඒවා මගින් අතිවිශාල බන්ධනයක් ගොඩනැගුන අතර ඒ හරහා යෑමට පැමිනෙන රසායණික ආකර්ශනය කර ඒවා ඉදිරියට යෑම වැලකූහ. ක්ලෝරීන් වැනි වායු කාර්යයක්‍ෂමව එසේ වලකා ගත්තත් සෝඩියම් හා නයිට්‍රෙට් වැනි රසායණිකවලට නම් ඒ හරහා යෑමට හැකිවිය. මෙම බන්ධන ස්ථාන පිරුනුපසු සක්‍රීය අඟුරු පෙරීමේ කාර්යය නවතින අතර එවිට නව පෙරනයක් සවි කිරීම අනිවාර්යය විය.



සමහර අවස්ථාවල මෙම සක්‍රිය අඟුරු වෙනත් රසායනික සමගද ප්‍රතික්‍රියාකොට විශේෂ ටොක්සීන වර්ග උරා ගැනීමට හැකිවන සේ නවීකරණයද කර ඇත. උදාහරණයක් ලෙස කාබන්, chromium සහ copper යන රයානික ද්විත්වය සමග ප්‍රතික්‍රියාකරවීමෙන් ලැබෙන කාබන් "Whetlerite carbon" ලෙස හැදින්වූ අතර ඒවා 1940 දක්වා භාවිතයට ගැනුනි. මෙම කාබන් වලින් hydrogen cyanide, cyanogen chloride සහ formaldehyde යන රසායණිකයන් පෙරීමේ හැකියාවෙන් යුතුවිය.
(Sometimes, the activated charcoal can be treated with other chemicals to improve its adsorption abilities for a specific toxin.)

රසායණික උදාසීන කිරීමකට රසායණික ප්‍රතික්‍රියාවන් යොදා ගැනීමේ ක්‍රමය හෙවත් Chemical reaction to neutralize a chemical - මෙම ක්‍රමය යුද බිමේ මුල් කාලීන ගෑස් මුහුණු වලද යොදාගෙන තිබුන අතර උදාහරණයක් ලෙස පළමු ලෝක යුද්දයේදී එල්ල වුන ක්ලෝරින් වායු උදාසීන කිරීමට එම ගෑස් මුහුනු වලට sodium thiosulfate යොදාගැනුනි.

Army Gas Mask (WWII)
Army Gas Mask (WWII)
දෙවන ලොක යුද සමයෙන් (World War II - WWII) පසුකාලීනව තනන ලද නූතන ගෑස් මුහුණු ආරක්‍ෂිතවුවද එය නිපදවීමට වැඩිපුර යොදාගන්නේ තුනී රබර් වර්ග නිසා එයද යම් අනතුරුදායක තත්වයන් නිර්මානයකොට ඇත. එයට හේතුව නම් කල් යත්ම මෙම තුනී රබර් පුපුරා කාන්දුවීම් ඇති කිරීමට හේතුවීමයි. කෙසේනමුත් ඒ අභියෝගද ජයගනිමින් ගෑස් මුහුණ තව තවත් නවීකරණය වෙමින් පවති.

  නූතන ගෑස් මුහුණු සෑදීමට සාමාන්‍යයෙන් යොදාගන්නේ elastic polymer වන අතර මුහුණු විවිද ප්‍රමාණවලින් නිමවනු ලැබේ. ඒවාට විවිද වූ adjustable straps ද ඇති අතර හිසේ සහ මුහුනේ ප්‍රමාණය අනුව හොදින් සවිකර ගැනීමටද හැකි බව කියයි. පෙරණය මුඛයට කෙලින්ම හෝ පැත්තකින් සවිකොට නම්‍යශීලී නලයකින් මුඛය හා සම්බන්ධවනලෙස තනා ඇත. සමහර ඒවා යේ ජලය පවා පානය කිරීමේ පහසුව සපයා ඇති අතර ඒවායේ කු‍ඩා ජල බෝතලක් හා එය නලයකින් මුහුනේ අදාල ස්ථාන වෙත යාකොට ඇත.

මුල් කාලීන මුහුණු වල ඇස් ප්‍රදේශය සදහා යොදාගත්තේ සාමාන්‍ය වීදුරු වූවත් දැන් ඒවායේ වඩාත් නිවැරදි දෘශය පහසුකමක් ලබා ගැනීම පිණිස ඒවායේ නිවැරදිකිරීමේ හැකියාව ඇති කාච (Corrective lens)  ද සවිකොට ඇති අතර සමහරක මුළු මුහුන ප්‍රදේශය පුරාවටම පාරදෘශ්‍ය ද්‍රව්‍යකින් නිමවා ඇත. දැන් වීදුරු වෙනුවට යොදාගන්නේ polycarbonate plastic වර්ග බව පැවසේ. එසේම නවීන ගෑස් මුහුණුවලට මෙම පෙනීමට අදාල කොටස මීදුම නොබැදෙනසේ, කම්පනවලට ඔරොත්තුදෙන සේ සහ විවිද ආලෝක තත්වවලදී පවා නිවැරදි දෘශ්‍යක් ලබා ගැනීමේ පහසුකමද සහිතව නිමවා ඇත.(The eyepieces may have to be specially treated to be shatterproof, fog resistant, or to screen out certain types of light).

එසේම නූතන ගෑස් මුහුනු පලදා කතාකිරීමේ හැකියාවද ඇතිලෙසද සමහර මුහුණු සකස් කර ඇත. ඒ සදහා එයට speech diaphragms සවිකොට ඇති අතර, සමහරක අමතර පෙරනයන් කිහිපයක්, අමතර වායු සැපයුම් පද්දතියනාදියෙන්ද සන්නද්ධ කොට ඇත.
(The design of the mask itself varies by the industrial application. Some masks are designed with speech diaphragms, some are built to accept extra filters, and others are made to be connected to an extenal air supply).
 Usage
  • Specially manufactured chemical protection gas mask which protects Eye,Face and respiration from NBC agents (NBC: Nuclear, Biological and Chemical)

Features

  • It has been designed in a way that it can be used with helmets and war weapons.
  • Canister can be connected to the right and left sides.
  • Inside the facepiece is anti-fog and CO2..
  • The gasmask construction enables inserting straw for drinking purpose with 180¢ª rotation.
  • The the gas mask consists of facepiece, lens, canister, speech diaphragm , air valve and exhaust valve.
  • With human body engineering the gas mask has been designed in a way that it is comfortable, light and easy to use.
  • Wide and clear vision lens
  • Anti-Fog
  • Easy to breath
  • Comfortable to use
  • Excellent filtering
  • The Mask, Canister, exhaust valve, head band, hood and lens fits into the storing bag
  • This product can not be used for harmful gas caused by fire, agricultural chemicals, coal gas, riot gas, ammonia gas or industrial gas
ගෑස් මුහුණක් නිපදවූ සැනින් ආවට ගියාට භාවිතයට නොගන්නා අතර ඒවා දැඩි තත්වපරීක්‍ෂාවට ලක්කරන බව පැවසෙන අතර අධික විශ සහගත වායු වලදී එය ක්‍රියාකරන ආකාරය අත්හදා බැලීමෙන් අනතුරුව භාවිතයට නිකුත් කරන බව පැවසේ.
(Masks are typically tested for fit prior to actual use. After a mask is fitted, it is often tested via various challenge agents. Isoamyl acetate, a synthetic banana flavorant, and camphor are often used as innocuous challenge agents. In the military, the use of tear gases such as CN, CS, and stannic
chloride in a chamber may be used to give the users confidence in the efficacy of the mask.)

මෑත කාලීනව ගෑස් මුහුනු අවශ්‍ය වූ එක් අවස්ථාවක් වූ‍යේ 1991 දි ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව මිතුරු හමුදා ඉරාකයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී ඔවුන් සිය රසායණික අවි භාවිතයට ගන්නා බවට කල තර්ජනය නිසා මිතුරු හමුදාවන්ට සිය මෙවලම් මල්ලේ ගෑස් මුහුණද අමතක කල නොහැකි අංගයක් විය. එ‍සේම එම යුද්ධයට ඍජුව සම්බන්ධ නොවූ ඊශ්‍රායලයේ සිවිල් ජනතාවටද එදිනෙදා ජීවිතයේදී ගෑස් මුහුණක් රැගෙන යායුතුවූයේ ඉරාකය විසින් ඊශ්‍රායලයේ ටෙල්අවිව් නගරයට එල්ල කරන ලද ස්කඩ් මිසයිල ප්‍රහාර සමග රසායණික ප්‍රහාරයන්ද එල්ලවේය යන බිය නිසයි.

මෙයට අමතරව තවත් කරුණක් වන්නේ ගෑස් මුහුනේ සංකල්පයම තත්වයන් එලෙසම පැවතියත් නූතන සමාජ‍යේ සෑම දෙයකටම මෝස්තර එක් කිරීම ‍හෝ එය fashion එකක් කර ගැනීම නිසා ගෑස් මුහුනටද එම රැල්ලෙන් මිදීමට නොහැකිවීමයි. සමහර සිනමා නිර්මාණ සදහා අමුතුම ආකාරයේ ගෑස් මුහුණු තැනුන අතර සමහර සිනමා නිර්මානවල චරිතවල යොදාගත් ඇතැම් වෙස් මුහුණු ප්‍රායෝගික අවස්ථාවල භාවිතා කරන ගෑස් මුහුණු වල හැඩයන් සදහා එක්විය.මේ එවැනි අවස්ථා දෙකක්.
 Karl Ruprecht Kroenen gas mask - appeared in the first film adaptation of Hellboy in 2004.
Darth Vader Gas Mask - From Movie Series Star Wars


ධනවතුන්ට වෙනමම සාදාගත් ගෑස් මුහුණු අවශ්‍ය විය. මේ ඔවුන් සදහාම නිපදවුන ගෑස් මුහුනුවේ


  
දෙවන ලෝක යුද සමය පැවති වකවානුවේද මෙසේ සාමාන්‍ය ඒවාට වඩා වෙනස් ඒවා අවශ්‍ය විය. ඒ නිසා එම අවශ්‍යතාවය සපිරීමට මිකීමවුස්ගේ මුහුනට සමාන ගෑස් මුහුණු නිපදවින.

මේ දෙවන ලෝක යුද සමයේ ජපාන සෙබළුන් භාවිතා කල ගෑස් මුහුණයි.

මේ තවත් විශේෂිතම ආකාරයකට නිපදවුන ගෑස් මුහුණුය.


මේ සෝවියට් දේශයේ සාදා තිබූ වෙනස් ආකාරයක පෙනුමක් ගත් ගෑස් මුහුණුය.

මේ දෙවන ලෝක යුද සමයේ දරුවන් සදහා සෑදුන ගෑස් ආවරණයි.
මිනිසුන්ට පමණක් නොව අශ්වයන්ද ගෑස් ප්‍රහාරවලින් නිරුපද්‍රිතව සිටින ආකාරයේ ගෑස් මුහුණු නිපදවින.

කාන්තාවන් සදහා වෙනමම තනා ඇති ගෑස් මුහුණු

ඔබට ගෑස් මුහුණු පිළිබද වැඩිදුර දැන ගැනීමට මෙම වෙබ් අඩවි වලින්  හැකිය.
http://en.wikipedia.org/wiki/Gas_mask
http://www.woodlands-junior.kent.sch.uk/Homework/war/gasmasks.htm
http://science.howstuffworks.com/gas-mask1.htm
http://www33.brinkster.com/iiiii/gasmask/page.html
http://www.madehow.com/Volume-3/Gas-Mask.html

දැන් මෙම ලිපිය අවසන් කරන මොහොතයි. ඇත්තටම මුලින් සිතා සිටියේ මෙවැනි ලිපියක් නොව කතාකරන රූප සදහා මෙම අවසාන කොටසේ තිබූ නවීන ආකාරයේ ගෑස් මුහුනු ඉදිරිපත් කිරීමටයි. එහෙත් ඒවා දුටු විට මෙයින් දීර්ඝ ලිපියක් සැකසීමේ හැකියාව දුටු නිසා මෙවැනි ලිපියක් සැකසින.

29 comments:

  1. හෙඩිම දැක්ක ගමන් ම මාත් හිතුවෙ පින්තූර කතන්දරයක් කියල තමයි.කෙහොම වුණත් ලිපිය දීර්ඝ එකක් වීම නම් සතුටක්. කෙටි ලිපි අතරෙ ම මේ වගේ දීර්ඝ ඒවත් ලියන එක හුගක් වටිනවා.

    ReplyDelete
  2. Maxxa Keep it up , Thank u very much.......

    ReplyDelete
  3. @උදාර - ස්තූතියි! එක දිගට දීර්ඝ ලිපි ලිවීම නිසා වෙහෙසකාරී ගතියක් දැනුනා. වි‍ශේෂයෙන් පිරමීඩ අවසන් ලිපිය පල කරන දවසේ නිදිවර්ජිතව තමයි ඒක සිදුකරේත්. ඉතින් කෙටි ලිපි දාන අතරතුර ටිකක් වෙලාව අරගෙන දිග ලිපියක් ලිවීම සාර්ථකබවක් තියෙනවා. අමතර කරුණුවුනත් ලිපිය ලියාගෙන යන අතරතුරේම සොයාගන්නට ලැබෙන නිසා දිග වගේම කරුණු අතින් පොහොසත් ලිපියක් ලියන්නට හැකියි...

    ReplyDelete
  4. thanks a lot and keep up the good work...

    ReplyDelete
  5. කියන්නට වචන නැත...

    ReplyDelete
  6. පනස් ගනන් වල සිදු වුනු "හාර ලක්ෂයේ" මංකොල්ලයේ අභියාචනාකරණ නඩුව අහපු ආර් ඇෆ් ඩයස් බණ්ඩාරණායක ඉංග්‍රීසියෙන් ලියපු කවි පංතියක් සහ එහි සිංහළ පරිවර්තනය "ටර්ෆ් ක්ලබ් මංකොල්ලය සහ මිනී මැරුම" කියන පොතේ මුල තිබෙනවා. මේ ඒ කවි පංතියේ කවියක් (මතක විදියට, පොත මෙතැන නෑ).

    පුත්තලමේ මහා ගන වනයකට වැදී
    රියැදුරු ජෝන් සිල්වා මහ ගසක බැඳී
    යුද වෙස් මුහුණ ලා හුස්මට ඉඩ ද නොදී
    මුහුණේ නලය මිරිකා ඔහු මරන ලදී!

    ReplyDelete
  7. @MaRLaN - ස්තූතියි! මොකද බැළුවා පහුගිය දවස් වල ආවේ නැත්තේ ඇයි කියලත්...

    ReplyDelete
  8. දීර්ග විස්තරයක් රසවත්ව කරල තියෙනවා. දිගටම ලියන්න.

    ReplyDelete
  9. @අනුරාධ රත්නවීර - ඔබ කිව්වාම තමයි මතක් වුනේ. හාරලක්‍ෂයේ රියදුරා මරන්න ගන්නෙත් ගෑස් මුහුනක්නේ. මමත් හාරලක්‍ෂ මංකොල්ලය පොත කුඩා කාලේ බලල තියෙනවා. ඒ පොතමද දන්නේ ඔබත් මේ කියන්නේ. මම බලපු පොතේ නම් රියදුරා ගසේ බැදල ගෑස් මුහුනත් එක්කම ම‍රල තියෙන පින්තූරේ නම් දැක්කමත් බය හිතෙනවා‍. හාරලක්‍ෂ මංකොල්ලය චිත්‍රපටියත් මම බලල තියෙනවා. ටයිටස් තොටවත්ත මහත්තයා කොච්චර දක්‍ෂලෙස ඒක හදල තියෙනවද, ආයෙමත් ඒක බලන්න ඇත්නම් හොදයි...

    ReplyDelete
  10. @Praසන්ன - ස්තූතියි! ලිපිය නම් කොටස් දෙකකට දාන්න තිබුනත් තනි කොටසකටම දැම්මා...

    ReplyDelete
  11. හුඟක් මහන්‍සිවෙලා දත්ත හොයාගෙන ලියලා තියනවා. ඇත්තටම හොඳයි.

    ReplyDelete
  12. @Nadun Dissanayake - ස්තූතියි! දීර්ඝ ලිපියක් හදන කොට සෑහෙන්න කාලයක් ඒකට යට කරන්නනම් වෙනවා තමයි...

    ReplyDelete
  13. විස්තර ගොඩාක් තියනව.නියමායි දිනෙශ් අයිය.තව මෙහෙම ඒව ලියන්න.කියවන්ට.අපි ඉන්නව

    ReplyDelete
  14. @Theekshana - Thank you!!! මෙහෙම දිග ලිපි ඉදිරියටත් දානවා...

    ReplyDelete
  15. @දිනේශ් මං හිතන්නෙ ඒ පොත ම වෙන්න ඕනෙ. ජෝන් සිල්වා ගහට බැඳල මැරිල ඉන්න පිංතූරෙ තියෙනවා. කොළ පාට පිට කවරයක z-6033 කාර් එක, 13/4 බෝක්කුව, කැලෑව, මත්පැන් බෝතල් කීපයක් වගේ එකතු කරපු චිත්‍රයක් තියෙනවා.

    ReplyDelete
  16. @අනුරාධ රත්නවීර - ස්තූතියි! පොත් ප්‍රදර්ශනවලදී පොඩි search එකක් දාන්න ඕන ඔය පොත හොයාගන්න. මට කියවන්න ලැබුන ‍පොත හුඟක් පරණ වගේම ඒක කියවලත් දැන් අවුරුදු 20 ක් විතර වෙනවා. ඔබ ඒ ගැන කිවුවහම මට ආයෙත් ඒ පොත කියවන්න හිතුනා...

    ReplyDelete
  17. සරළ සිංහලෙන් කියනවනම් "පිස්සු හැදෙනවා" මේක ඉංගිරිසියෙන් හොයාගෙන කිවන්න ගියානම් ඒ වැඩේ කෙරෙන්නේ නෑ. උඹට පින් මචං මේ කරන වැඩේට.

    ReplyDelete
  18. ela deepal ayya....
    great article:))))))))))

    ReplyDelete
  19. ඇත්තටම අයියගෙ ලිපි වලට කියන්න වචන නෑ

    ReplyDelete
  20. @අමිල - ස්තූතියි! ඉදිරියේදිත් විවිද මාතෘකා ගැන කතාකරමු...

    ReplyDelete
  21. @තාරක Dilsh@n - ස්තූතියි මල්ලී...

    ReplyDelete
  22. නොදැන සිටි දෙයක් , ස්තුතියි. මෙහෙම කියවූ නිසා මිස අලුතින් හිතලා මේ දේවල් බලන්න මට නම් මතක් වෙන්නේ නැහැ .
    න්‍යෂ්ටික විකිරණ වලට මෙයිට වඩා වෙනස් ආවරණ අවශ්‍ය ඇති නේද ? ජපානයේ න්‍යෂ්ටික කාන්දුව ගැන ලිපියක් ලියන්න හැකිනම් .
    .චමිලා

    ReplyDelete
  23. @chamilap (චමිලා) - ස්තූතියි! මම ඇත්තටම ගෑස් මුහුණ ගැන ලොකු ලිපියක් ලියන්න බලාපොරොත්තුවක් තිබුනේ නැහැ. නමුත් මම ලි‍පියේ අවසානයේත් කියල තියෙන විදියට රූප ටික දැක්කම මේකෙන් හොද විස්තරාත්මක ලිපියක් සකස් කරන්න පුළුවන් යන අදහස ආවා.තව ගොඩක් විස්තර තියෙනවා ගෑස් මුහුණ විකාශනය වෙච්ච ආකාරය. ඒත් අනවශ්‍ය විස්තර නිසා ලිපියේ රසය නැතිවෙයි යන අදහස මත මෙපණකින් ලිව්වා. ඔබ මට ලබා දුන්නේත් හොද ඉඟියක්, ඉදිරියේදී ඒ සම්බන්ධයෙනුත් අනිවාර්යයෙන්ම ලියනවා...

    ReplyDelete
  24. මටනම් ගෑස් මුහුණේ හොඳම මතකය තියෙන්නෙ ඔය 91 ගල්ෆ් යුද්දෙදි තමයි. ඒ දවස්වල ටීවී එකේ පෙන්නුවෙම ඒවනේ.... අනික අපේ මාම කෙනෙක් ඒ දවස්වල සවුදි හිටියා. එයාලත් ගෑස් මුහුණ පාවිච්චි කරලා තිබුණා. ඒවයෙ පින්තූර එහෙම ඒ දවස්වල අපට එව්වා.

    නියම ලිපියක් හැමදාම වගේ... අර කිව්වත් වගේ මේව මෙහෙම කොකියෙව්ව නම් කියවන්නෙ ම නෑනේ... :D

    ReplyDelete
  25. @hare :-) - ස්තූතියි මිත්‍රයා, මේ මාතෘකාව මම පුවත්පතකවත් සඟරාවකවත් මීට කලින් පලවෙලා තියෙනවා දැකලා නැහැ. ඒක නිසා මේක ඇත්තටම අළුත්අත්දැකීමක් වෙයි කියල මටත් හිතුනා...

    ReplyDelete
  26. @සංහිඳ පාමුළ - ස්තූතියි! අපි හැකිතරම් දැනුම බෙදාදීමට උත්සහ කල යුතුයි කියන එක මගේ හැඟිමයි. අපි දැනුම හිර කරගෙන ගුරු මුශ්ඨිය ගබා ගෙන සිටීමෙන් අපිට පුයෝජනයකුත් නැහැ, ලෝකෙට පුයෝජනයකුත් නැහැ. එක තැන පල් වීම ‍විතරයි වෙන්නේ. සත් සමුදුරෙන් කාගේ හරි දැනුම පෝශනය වෙනවා නම් එය තමයි ඇත්තෙන්ම බලාපොරොත්තුව...

    ReplyDelete