-->

Recent

Friday, April 29, 2011

හරියටම Uninstall කරගන්න නම් ඉතින් Your Uninstaller! තමයි හොදම හොද!!!

අපි පරිගණකයකට ස්ථාපනය කරල තියෙන මෘදුකාංගයක් ඉවත්කරගන්න, එහෙමත් නැත්නම් uninstall කරගන්නේ Windows 7 වල Control Panel හි ඇති  Programs and Features හරහා හෝ ඊට කලින් සමහර Windows මෙහෙයුම් පද්දතියේ ඇති Add/Remove Programe වලින් හෝ Start Menu හි ඇති එම මෘදුකාංගය ක්‍රියාකරවන තැනම ඇති Uninstall පහසුකම ඔස්සේයි. නමුත් එසේ ඉවත් කිරීමේදී අර ඉවත් කරගන්න වැඩසටහනට අදාලව පිහිටුවා ඇති සමහර ගොනු පරිගණකයෙන් ඉවත් නොවී ඉතිරිව තිබීම හා Registry දී එම වැඩසටහනට අදාල තො‍රතුරු ඉතිරිව තිබෙන බව ඔබ දන්නවත් ඇති.
මේ නිසා මෙම ගැටළුව නිරාකරණය කර ගැනීමට මහවත් වඩාත් කාර්යයක්‍ෂම ලෙස ස්ථාපනය කරල තියෙන මෘදුකංගය ඉවත් කර ගැනීමට බොහෝ සමාගම් තෙවන පාර්ශවයේ මෘදුකාංග නිපදවලත් තියෙන නමුත් ඒවායේ එකිනෙකට ආවේනික ලක්‍ෂන මෙන්ම සමහර විට අපි අපේක්‍ෂාකරන තත්වය ඇතුලත්ව නොමැති බවත් කිව යුතුයි.

මේ සියළු කාරණා සැලකිල්ලට ගත්විට මෙම කාර්යය සිදුකරගැනීමට නිමවා ඇති හොද මෙන්ම භාවිතයද පහසු මෘදුකාංගයක් ලෙස URSoft සමාගම ලබාදෙන Your Uninstaller! හැදින්විය හැකියි.

මෙහි මෘදුකාංග uninstall කර ගැනීමේ පහසුකමට අමතරව  Start Menu එක හා Start Manager කළමණාකරණය කර ගැනීම හා තවත් අපිට ප්‍රයෝජනවත් කාර්යයන් රැසක් කර ගැනීමේ අවස්ථාවද සලසා ඇති බව කිවයුතුයි.

කෙසේ වෙතත් වාණිජමය මෘදුකාංගයක් වන මෙහි Tryout version එකක් අදාල සමාගමේ වෙබ් අඩවිය වන http://www.ursoftware.com/ අඩවියෙන්  සොයාගත හැක. ඔබට අවශ්‍ය නම් මෙය පූර්ණ මෘදුකාංගය (Full version) බවට පත්කරගැනී‍මට අවශ්‍ය දේවල් අන්තර්ජාලය තුලින්ම ලබාගත හැකිබවත් ඊට අමතරව සදහන් කරනු කැමැත්තෙමි.


8 comments:

  1. Creck එකක් එහෙම ගන්න තැනක් කියන්න පුළුවන් නම් හොඳයි. එහෙම උනොත් ෆුල් වර්ශන් එක කරගන්න පුළුවන්නේ.

    ReplyDelete
  2. ඔකෙන් ශෙයා ෆියිලුත් මකනවා. එහෙම වෙලා වින්ඩෝස් වල ෆයිල් ගිහින් මගේ සිස්ටම් එකත් අල උනා. ඕක තර්ඩ් පාටි එකක්නේ. කොහොමද ගැරන්ට් කරන්නේ 100% වින්ඩෝස් එක්ක ගැලපෙනවා කියල. කොහොමත් වින්ඩෝස් වලට හරියට ගැලපෙන්නේ මයික්‍රොෙසාෆට් ටූල්ස් ම තමා. අනික්වා නිසා සිස්ටම් කෙලවෙනවා. ඔය කම්පැනි දන්නවාද හරියටම වින්ඩෝස් ගැන.

    ReplyDelete
  3. Anonymous මාර දේවල්නේ දන්නේ. :D ඒකට තමා EULA කියවන්න කියල එකක් තියෙන්නේ. මොන මෘදුකාංගයවත් තුන්වෙනි පාර්ශවයක මෘදුකාංගයකට තමන් නිසා සිදුවන හානියකට වග කියන්නේ නෑ. මෘදුකාංග පාවිච්චියේදි පරිශීලක තමා ඒ වගකීම භාර ගන්න ඕනේ.

    ReplyDelete
  4. @අමිල - ඔව් අමිල, පරිශිල‍කයෝ විදියට අපි ඒ අවධානම ගන්න සිදුවෙනවා. එහෙම නැතුව සමහර අකාර්යක්‍ෂම Windows tools වලින්ම වැඩ කරගන්න බලාගෙන හිටියොත් ඉතින් ඉදිරියට යෑමක් සිදුවන එකක් නැහැ කියලයි මගේත් හැගීම...

    ReplyDelete
  5. Don't need to crack. Just use something free.
    http://download.cnet.com/Revo-Uninstaller/3000-2096_4-10687648.html

    ReplyDelete
  6. @තාරක Dilsh@n - ස්තූතියි!!!

    ReplyDelete