එහෙත් අප්‍රිකානු රටක් වන ඝානාවේ Ga කියන ජන කොට්ඨාශය සිය අවසන් නින්දට වැටුන සහෘදයා වෙනුයෙන් භාවිතාකරන්නාවූ මිනී පෙට්ටිය, මෙම පොදු සාධකය වන පෙට්ටියක හැඩයෙන් පරිභාහිරව වෙනස් වෙනස් හැඩයන් එසේත් නැත්නම් අප ජීවත් වන ලෝකයේ අප භාවිතා කරන හෝ වෙනත් සත්ව රුවකින් එසේත් නැත්නම් පළතුරක හැඩයකින් හෝ වෙනයම් විවිද විවිද හැඩයන්ගෙන් මිනී පෙට්ටි නිපදවන බව ඔබ දන්නවාද? ඔවුන් එසේ කරන්නේ නිකම්ම ආවාට ගියාට කැමති හැඩයකින් එම මිනි පෙට්ටි තෝරා ගැනීම නොව ඔහු හෝ ඇය ජීවත්ව සිටින විට කරන ලද්දා වූ වෘත්තිය පදනම් කොට ගෙන හෝ එම මිය ගිය අයගේ සිහිනයක්ව තිබූ දෙයක්, විනෝදාංශයක් හෝ එම මලගිය ප්‍රාණකාරයාට යම් සම්බන්ධතාවයක් තිබූ දෙයක් මත එම මිනී පෙට්ටිය තෝරා ගනු ලබයි. ධීවරයෙකුගේ නම් මාළුවෙකුගේ හැඩය ඇති මිනී පෙට්ටියක් වන්නට හෝ බෝට්ටුවක හැඩය ගන්නට බොහෝවිට ඉඩකඩ තිබෙන අතර දඩයම්කරුවෙකුගේ නම් ඔහු වැඩියෙන්ම දඩයම් කල සතාගේ හැඩය ඇති මිනී පෙට්ටියක් වන්නට පුළුවන. ගොවියෙකුට ඔහු ජීවත්ව සිටින විට වගා කල බෝගයේ හැඩය ඇති මිනී පෙට්ටියක් ලැබෙනු ඇත. රියදුරෙකුට ඔහු පැදවූ රථයේ හැඩය ඇති පෙට්ටියක් බොහෝවිට ලැබෙනු ඇත.
එහෙනම් අපි එම මිනී පෙට්ටි කිහිපයක රූප දකින අතරේම ඒ ගැන තව ටිකක් කතා කරමු.
මෙම උකුස්සාගේ හැඩය ඇති මිනී පෙට්ටිය ඔවුන්ගේ ජන නායෙකුයකුට තනන ලද්දකි.
Burials are seen as part of ancestral worship. The Ga people believe that a spirit cannot join the celestial family until it has undergone the appropriate burial rites. |
Businessmen are often buried in a luxury Mercedes coffin. For a Ga, it is better to incur a lifetime of debts than cut back on funeral expenses. Photos by Richard Hamilton and Guy Lowndes |
කෙසේවෙතත් මෙම අලංකාර මිනී පෙට්ටි දැන් නම් එරට අවමංගල්‍ය කටයුතු වල මෝස්තරයක් බවට පත්ව තිබෙන අතර සංචාරකයන්ගේ ආකර්ශනය දිනා ගන්නා කරුණක් බවද පැවසිය යුතුය. මිල කොපමණ වේදැයි දන්නවාද? මෙම ලස්සන මිනී පෙට්ටියක මිල $ 400 ක් පමන වන අතර එය එරට වැසියෙකුගේ වාර්ශික වැටුපට සමාන බවද අවසන් වශයෙන් කිව යුතුය...
මේක නම් නියමයි.මොකද්ද තෝරගන්නෙ කියල හිතාගන්න බැරුව ඉන්නෙ මම්.හ්ම්ම්...සෙල් ෆෝන් එක හොදා.:)
ReplyDeleteමරු පෙට්ටි ටික අපරාදෙ වල දාන්නෙ...
ReplyDeleteමේවා වල දාන්න දුකයි ගෙනල්ල ගෙදර තියා ගන්න හිතෙනව
ReplyDeleteමේ වගේ දෙයක් මේ ඇහුවමයි...
ReplyDeleteරසවත් ලිපියක්. මේ පෙට්ටියක් හදන්න කීප දවසක් යනවා ඇති. එතකම් මිනිය තියා ගන්නවද මන්ද.
ReplyDelete@නදී...,``` Outsider``` ,buwa, prasanna86k & Bindi - මේක ඔවුන්ගේ සංස්කෘතිකමය අංගයක් වෙන්නට ඇති. කෙසේවෙතත් ඝානාව ලෝක ප්‍රසිද්ධියක් මේ සම්බන්ධයෙන් උසුලනවා...
ReplyDeleteමටත් ඔයින් එකක් ගන්න ඕනා...ඊබේ එකේ තියේද දන්නේ නෑ
ReplyDelete@රත්ගමයා - බැරිවෙන එකක් නම් නැහැ. හැබැයි මොන හැඩේ එකක්ද ගන්නේ...
ReplyDeleteවටින ලිපියක්. තෑන්ක්ස් දිනේශ්.
ReplyDelete@උදාර - ස්තූතියි!
ReplyDelete