Sylvester Stallone ගේ වැඩිම කොටස් ගණනකින් යුතු චිත්‍රපටි මාලාව ලෙසත් මෙය හැදින්වූවාට වරදක් නැහැ. 1976 දී තිරගත වූ Rocky පළමු නිර්මාණයේ සිට 2006 දී තිරගත වූ Rocky Balboa දක්වා වසර 30 ක පමණ කාල පරාසයක් තුල එකම කථා තේමාවක් එකිනෙකට බැදෙන ලෙස කල නිර්මාණයක්වීම, මෙහි සුවිශේෂී ලක්ෂනයක්.
එහෙත් මුල් චිත්‍රපටි පහ තුල තිබූ එකිනෙකට බද්ධ වූ සම්බන්ධය Rocky VI තුල දැකගත නොහැකිවූ බවක් තමා පෙනෙන්නට තියෙන්නේ.
එසේම Rocky V කියන චිත්‍රපටියට පසු වසර 16 කට පස්සේ තමයි Rocky VI දැකගන්නට ලැබෙන්නේ. Sylvester Stallone ම අධ්යක්ෂන, තිර රචනය සහ කථාව යන කාරණා සිදු කරණ ලද්දක් වන මෙම චිත්‍රපටිය නිසා Rocky චිත්‍රපටි මාලාවේ කලින් නිර්මාණ පහේ ආලෝකයද අඩුවී ගියා දැයි සැකයක් මතුවෙනවා.
මොකද Rocky V කියන චිත්‍රපටිය තුලදී ප්‍රවීණයෙකුට ලබා දිය යුතු ගෞරවනීයත්වය ගැන හොද නිර්වචනයක් ලබා දීල, එයම වෙනස් ආකාරයකට නිරූපණය කරන්න යෑම සහ Stallone ගේ පැරණි චරිතයක් තුලින් නැවත තම ප්‍රතිරූපය ගොඩනගන්නට ගත් නිශ්පල උත්සාහයක් කියල පේන්නේ.
එසේම සමහරවිට Stallone ට මේක හදන්න හිතෙන්න ඇත්තේ, මට මතකයි 1994 වසරේදී පමණ පැරණි Heavy Weight බොක්සිං ශූරයෙකු (ඔහුගේ නම නම් මතක නැහැ) ලෝක Heavy Weight ශූරතාවයක් දිනා ගැනීම. ඔහු ඒ වන විට වයස හතලිස්විය පවා ඉක්මවා ගිය අයෙක් මෙම හේතුවත් Rocky VI නිපැදවීමට බලපාන්න ඇත්දැයි සැකයක් මතුවෙනවා.
හැබැයි කෙසේ වෙතත් Rocky පළමු චිත්‍රපටිය ගත්තොත් ඒක ඇකඩමි සම්මාන තුනක් ජයහ්‍රණය කරන්නත්, ප්‍රධාන චරිත නිරූපණය කල Sylvester Stallone ඇතුළුව චිත්‍රපටියේ තවත් අංග ගණනාවක් ඇකඩමි සම්මාන සදහා නිර්දේශවීමටත් හේතුපාදක වුනා. එසේම අනෙකුත් Rocky චිත්‍රපටි හතරත් අපට හොද රසාස්වාදයක් ලබා දුන්නා.
එසේම බොහෝ චිත්‍රපටිවල දක්නට ලැබෙන රාමුවකින් බැහැරව ගිය ස්වරූපයක් තමා සමස්ථ Rocky චිත්‍රපටි මාලාව තුකම තිබුනේ. එනම් කථාවේ වීරයා සෑම විටම ජයග්‍රාහකයා නොවීමයි. චිත්‍රපටි මාලාව පුරාම Rocky නැත්නම් Italian Stallion ගේ නැගීම, බැසීම සහ ඒවාට ඔහු සහ ඔහු වටා සිටින අනෙකුත් පාර්ශවයන්ගේ දායකත්වය බොහොම කලබලයකින් තොරව නිරූපණය කල සිනමා සිත්තමක් ලෙස Rocky ගැන නොබියව පවසන්න පුළුවන්.
Get Carter ගැනත් ට්කක් කථා කරමු ...
මෙම Get Carter චිත්‍රපටිය 2000 වසරේදී තමයි තිරගත වුනේ. හැබැයි 1971 දී මේ නමින්ම චිත්‍රපටියක් එංගලන්තය පදනම්කරගෙන නිශ්පාදනය වෙලා තියෙනවා. ඒ වගේම IMDB අනුව කතාව නම් එකම වගෙයි (මේ link එකට ගියොත් ඒ ගැනත් විස්තර දැනගන්න පුළුවන් - http://www.imdb.com/title/tt0067128/ ).
මම Stallone සිටින චිත්‍රපටිය පමණක් බලල තිබෙන නිසා හරියටම ඒ ගැන පවසන්න හැකියාවක් නැහැ. කෙසේ වෙතත් මෙයත් එතරම් ඇගට දැනෙන ආකාරයේ නිර්මාණයක් නොවෙන අයුරක් ඇතිබව තමයි සිතෙන්නේ.
එතරම් සාර්ථක අවසානයක් නොමැති Cop Land…
මෙය 1997 දී තිරගත වු චිත්‍රපටියක්. මෙහිදී Sylvester Stallone ප්‍රධාන චරිතය රඟපෑවද, එය එතරම් ඉස්මතු නොවන අකාරයක් සෙසු චරිත හා සැසදීමේදී දක්නට ලැබෙනවා. එසේම චිත්‍රපටියේ අවසානය එතරම් සාර්ථකබවක් නැති අයුරක්ද හැගෙනවා. කෙසේ වෙතත් මේ කථා තේමාව යටතේත් වෙනත් ච්ත්‍රපටි තැනී ඇති නිසා තව වෙනස්කම් ඇතිවූවා නම් යම් සාර්ථකත්වයක් ලබා ගැනීමට තිබූ බවක් පැවසිය හැකියි.
රොකී චිත්‍රපටි මාලාව නම් මම සෑහෙන්න බලල තියෙනවා. එකක් බලල නර කරන්න බෑනෙ ඒවා... ඒ වුණත් අර කිව්වා වගේ VI කොටස කලින් ඒවයින් ටිකක් එහෙ මෙහෙ වෙලා කියල ම හිතෙන්නේ. ඒක වෙනමම චිත්‍රපටියක් විධියට ගත්තනම වඩා හොඳයි වගේ...
ReplyDeleteh : ඇත්තවශයෙන්ම...
ReplyDelete